බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කවුද ඩෝ අපේ සිංහ පැටවුන්ට කඩප්පුලි කතා කියන එකා…

by editor
පෙබරවාරි 22, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මේක මාර මගුලකි. දකින දකින එකා කියන්නේ කඩප්පලි කතාය. අඩෝ ඒ අපේ “සිංහ පැටවු”ය. දැන්  උඹලා උන්ට ලවක් දෙවක් නැතිව බනින එක නැවැත්විය යුතුය.  උන්ට උන්ගේ හැටියට දුන්නක් විදගෙන මුවෙක් මරාගෙන උන්ගේ ගේම ගහගන්නට නොදී උඹලා ඇඟේ ලේ පුච්චා ගන්නේ අහවල් දේකටදැයි මේ ලියන අපට නම් වැටහෙන්නේ නැත.

සුද්ද සිංහලෙන් කියනවා නම් කතාව මේකය.  හැම රටකටම අනන්‍ය ක්‍රිකට් එකක් තිබෙන්නේය. මේ අපට මෑත කාලයේ දී උරුම වුන මොඩන් ක්‍රිකට් එකේ හැටිය. එකක් රිඹ හැලෙන්නට ගැහුවත් ඊලඟ මැච් පෝලිම කිසිම තර්කයක් නැතිව පරදින්නේය. ඒ අපේ ක්‍රිකට් රිදම් එක බවට වන මූලික අවබෝධය ක්‍රිකට් බලනවා නම් තිබිය යුතුය.  මුන්ට බැනලා වැඩක් නැතිය. මුන් ලොවෙත්  වෙනස් වෙන්නේ නැත.   අවුල උඹලාගේය.  වෙනස් වෙන්නට ඕනෑ උඹලාය. අහේතුවකට වාගේ  උඹලා යන්නේ මැච් දිනනවා බලන්නටය. ඒ මානසිකත්වය උඹලා වෙනස් කරගත්තු දාට මේ අවුල් කිසි එකක් නැතිය. උඹලා සල්ලි වියදම් කරගෙන මැච් එකක් බලන්නට යනවා නම් මේ ධර්මතාවය තේරුම් අරගෙන මැච් බලන්නට යෑම හොඳය.

ඇත්තම කතාව පැරදීම හැටිය. දිනුවොත් එදාට බෝනස් එකක්ය. උඹලාට හැමදාම බෝනස් එන්නේ නැත. අවුරුද්දකට උපරිම දෙකක්ය. අපේ ක්‍රිකට් බලන උන් එහෙම හිතන්න ගත්තු දාට අවුල ඉවරය.

ක්‍රිකට් යනු සෙල්ලමක් නොව තාක්ෂණික ලක්ෂණ තීව්‍ර වුන තියරියක් සහිත සයන්ස් එකක් බව අද ක්‍රිකට් බලන අපි වගේ ගොඩයන්ටත් තේරෙන්නේය.  ක්‍රිකට් බලන හැම එකාම දන්නා පරිදි  හැමදාම ටීම් එකේ හැමෝටම ගහන්න බැරිය. හැම බෝලයකටමත් ගහන්නට බැරිය.  ෆෝම් එකේ ඉන්නා බැටෙක් වුනත්  හොඳම බෝලවලට අවුට් වී ලකුණු නොලබා ක්‍රීඩාගාරයට එන එකත් ක්‍රීඩාවේ හැටිය.

එමෙන්ම  අද ලෝකයේ ගහනා විස්සයි 20 ක්‍රිකට්වල ජයග්‍රහණය කරා යන තියරි එකක් ඇත්තේය.    එහි මූලිකම ලක්ෂණය පළමු පන්දු ඕවර 10 මුල් පෙළ ක්‍රීඩකයින් තිදෙනා පිතිකරණයේ යෙදීමේ වැඩි ඉඩක් අත් කරගැනීමය. ලංකාවේ නම් පැතුම් නිශ්ශංකට සහ අවුරුදු 10ක් පමණ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් ගහන කුසල් මෙන්ඩිස්ට ඒ ඉඩ තිබෙන්නේය. විස්සයි විස්ස ක්‍රීඩාව යනු පැමිණි අවස්ථාවේ සිට හනුමා දරපලන්නා වගේ පිත්ත කැරකවීමට වඩා එහා ගිය සයන්ස් එකක් බව දැන් අපේ ගමේ පොල් කඩන ජෙමාත් දන්නේය. මේ සයන්ස්  එකේ තියරි එක හරියට ඇප්ලයි කළ හැම අවස්ථාවකම ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකයේ ඕනෑම කණ්ඩායමක් පරාජය කළ බවත්  ක්‍රිකට් බලන අප දුටුවේය. ඒත් මුන්ට ඒ අහවල් තියරි ගැනවත්    වැඩි තැකීමක් නැත.  මුලින් කී ලෙස දැන් ප්‍රේක්ෂකයින් ලෙස අප  වෙනස් විය යුත්තේ ඒ නිසාය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අද මැච් එක ගත්තොත් අපේ ක්‍රිකට්වල පොදු ස්වරූපය මිස එහි වෙන දෙයක් තිබුණේ නැත.

අද (22)  පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති සුපිරි 8 දෙනාගේ වටයේ තීරණාත්මක තරගයකින් ශ්‍රී ලංකාව පරදා ලකුණු 51ක දැවැන්ත ජයක් ලැබීමට එංගලන්තය සමත් විය. ඒ දැවැන්ත  ජයග්‍රහණය  ලබා ගන්නේ ලකුණු දෙසීය ගානක් ගහලා නොවේය. ලකුණු 146 ලබාගෙන ලකුණු 147ක ජයග්‍රාහී ඉලක්කයක් ශ්‍රී ලංකාවට ලබා දීමෙන් පසු ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 95කට අවුට් කරලාය.

මෙම ජයග්‍රහණයත් සමඟ එංගලන්තය සිය ශුද්ධ ලකුණු වේගය  ඉහළ නංවා ගනිමින් දෙවන කාණ්ඩයේ පෙරමුණට පැමිණියේය.

තරගයේ සාරාංශය:

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය. එංගලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9කට ලකුණු 146ක් රැස් කළේය. පිතිකරණයෙන් සාර්ථක වූයේ ෆිල් සෝල්ට් (62) පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ ලකුණු 26කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

එහෙත් ලකුණු 147ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 95ක් පමණි. මෙය එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාව පිට පිටම ලැබූ 12 වන පරාජයය. සති කීපයක් තුළ දී  ශ්‍රී ලංකාවේ දී පැවති විස්සයි 20 තරග හතරක දී කුජීත වෙන්නම ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම පරාදය. ආයේ නම් කියන්නට ඉතිරිවී ඇති ලබ්බක් නැතිය.

සාමාන්‍යයෙන් පිතිකරුවෙකු ලෙස ප්‍රකට විල් ජැක්ස් මෙවර පන්දුවෙන් දස්කම් දැක්වීය. ඔහු පන්දුවාර 4ක් තුළ ලකුණු 22කට කඩුලු 3ක් දවා ගනිමින් ශ්‍රී ලංකා මුල් පෙළ අඩපණ කළේය. මීට අමතරව ඔහු පිත්තෙන් ලකුණු 21ක් රැස් කළ අතර, දසුන් ශානකව දැවී යාමට දායක වූ විශිෂ්ට උඩ පන්දුවක් රැක ගැනීමට ද සමත් විය.

එංගලන්ත නායක බට්ලර් මෙම තරගයේදී ද ලකුණු 7කට දැවී ගියේය. ඔහු මේ වන විට ලෝක කුසලාන තරගාවලිය පුරාම අසාර්ථක වී ඇති අතර, ඔහුගේ පිතිකරණ රිද්මය ගිලිහී ගොස් ඇති බව පෙනෙන්නට තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද   යම් දායකත්වයක් දක්වනු ලැබුවේ   23 හැවිරිදි වෙල්ලාලගේ පමණි. ඔහු බට්ලර්, හැරී බෲක් සහ ෆිල් සෝල්ට් යන ප්‍රබල කඩුලු දවා ගත්තද,   පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසා ඔහුගේ එම දස්කම අපතේ ගියේය.

ශ්‍රී ලංකා පිතිකරුවන් ඉතා කලබලකාරී සහ වගකීම් විරහිත ලෙස පිත්ත හැසිරවීම ගැන ජාත්‍යාන්තර ක්‍රීඩා විචාරකයෝ විස්සෝපයෙන් විචාරය කරනු ඇසෙන්නේය. උනුත් පවුය.  උන්ටත් අපේ ක්‍රිකට් තේරෙන්නේ නැත.

මැච් එක බලන්නට ගිය උන්ට කියන්නට  ඇත්තේ අයියෝ සල්ලි කියා විතරය. මෙහෙම ක්‍රිකට් නම් ජින්තුපිටියේ උනුත් ගහන බව අප මීට කලිනුත් කියා ඇත්තේය.   පවර් ප්ලේ   පන්දුවාර 6 අවසාන වන විට ලකුණු 34කට කඩුලු 5ක් දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු දැවී යන්නේ කිසිම තර්කානුකූලව සාධාරණීකරණය කළ හැකි ආකරයෙන් නොවන බව මේ ක්‍රීඩාවේ පෙන්වූ ශ්‍රී ලාංකික අනන්‍යතාවය ය.

ඉතාම ඉහළ පන්දු වැටී ලකුණු දහයකට පහළොවකට කණ්ඩායමම දැවී ගියත් කවුරුත්  අහවල් දෙයක්වත් කියන්නේ නැත.  ඒත් මෙහෙම විකට් පුදනකොට මේ අහවල් ක්‍රිකට් එකක්දැයි හිතුනට එපාය.  ශ්‍රී ලාංකිකයින් ලෙස අප කළ යුත්තේ හිත් තද කරගෙන   සද්ද නැතිව ඉන්න එකය.

මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව දැඩි අවදානමකට ලක්ව ඇත්තේය. ඒත් කිව යුත්තේ අපේ කණ්ඩායම උනත් ස්වීප් ඇදෙනවා වාගේ වාසනාවට ගේම් බැලන්ස් කරගෙන අවසන් පූර්ව වටයට නොයා යුතු බවය.  ඒ ක්‍රිකට්වල ඇති සැබෑ ගුණය මේ වනවිට සිම්බාබ්වේ වැනි කණ්ඩායම් පෙන්වා ඇති නිසාය. එවැනි ක්‍රීඩාවකට ලෝක කුසලානය වැනි තරගාවලියක අවස්ථාව ලැබිය යුතු නිසාය.

ඒ වුනාට අඩෝ… අපේ සිංහ පැටවුන්ට පහුරු කතා කියන්ඩ එන්ඩ එපා… හරිය…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යතුරුපැදි අනතුරින් තරුණයෙක් මිය යයි… ඔහු ගැන බලන්න යතුරු පැදියෙන් ගිය මිතුරන් තිදෙනෙක් අනතුරට ලක් වී එක් අයෙක් මිය යයි… අනෙක් දෙදෙනාට බරපතලයි!

Next Post

මාර වැඩේ තමයි උනේ… අපිට වෙච්චි දේ ඉන්දියාවටත් වෙයි! ලකුණු 77කින් දකුණු අප්‍රිකාවට පරදියි…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.