සිය යතුරුපැදියෙන් හොරොයින් ප්රවාහනය කරමින් සිටි රක්ෂණ උපදේශකවරියක් හෙරොයින් ග්රෑම් 11කුත් මිලි ග්රෑම් 200ක් සමග පොලිස් අත්අඩංගුවට පත් වී ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආඬි අම්බලම ප්රදේශයේ පදිංචිකාරියකි.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදුකල විමර්ශනයක දී මෙම සැකකාරිය අත්අංගුවට ගෙන තිබේ.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







