දිනසේන රතුගමගේ –
ඉන්දීය රජය විසින් ඉන්දීය රුපියල් කෝටි 100 ක වියදමකින් යාපනයේ ඉදි කළ සංස්කෘතික මධ්‍යස්ථානය හෙට (28) විවෘත කිරීමට පියවර ගන්නා ලෙස යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය යාපනය මහ නගර සභාවට දනුම් දී තිබේ.
මෙම ගොඩනැගිල්ල මාර්තු මස 30 වෙනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝදි අතින් විවෘත කිරීමට මීට පෙර කටයුතු සූදානම් කොට තිබූ අතර අග්‍රාමාත්‍යවරයා නොපැමිණෙන නිසා නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මෙම තීරණය ගෙන තිබේ.