දිනසේන රතුගමගේ –
උතුරේ සිට ඉන්දියාව්ට බෝට්ටු වල ආධාරයෙන් පලා යන පිරිස අත් අඩංගුවට ගැනීම සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව 26 දා සිට උතුරු මුහුදු කලාපයේ ආරක්ෂාව දඩි කොට තිබේ.
නාවික හමුදාවේ යාත්‍රා මන්නාරම බොක්කේ සිට නාවික සැතපුම් 7 ක් දක්වා ගමන් කරමින් නීති විරෝධී ලෙස ඉන්දියාවට ගමන් කරණ බෝට්ටු අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.
මේ අතර ඉන්දීය නාවික හමුදාවද ඉන්දියාව වෙත පැමිණෙන බෝට්ටු අත් අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් දියත් කොට ඇති අතර යම් හෙයකින් ඉන්දීය නාවික හමුදාව ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන අනවසර බෝට්ටුවක් අත් අඩංගුවට ගත හොත් එහි සිටින වැසියන් ඉන්දීය පොලීසිය හරහා ප්‍රශ්න කොට ඔවුන්ව මණ්ඩපම් සරණාගත කඳවුර වෙත යැවීමට කටයුතු යොදා තිබේ.
පසුගියදා දරුවන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙක් ආර්ථික දරිද්‍රතාවය හේතුවෙන් බෝට්ටුවල නැගී ඉන්දියාවට පලා ගොස් තිබිණි.