පාතාලයේ වෙඩික්කරුවෙක් වූ මොරටු සංජීව නැමැති අපරාධකරුට දික්වැල්ලේ පිහිටි පංසල් ඉඩමේදී පසුගිය 15 වෙනිදා වෙඩි තබා ඝාතනයකර ඇත්තේ මත්කුඩු ජාවාරමක දී සිදුවූ මුදල් ගනුදෙණුවක් මුල්කරගෙන බව විමර්ශන අංශ විසින් හෙළි කරගෙන ඇත.
හරක් කටාගේ ප්‍රධාන ගෝලයෙක් වූ ඉබ්බාලවල රුවන් නැමැත්තාගෙන් ලබා ගත් හෙරොයින් ග්‍රෑම් 500ක් අලෙවි කිරීමෙන් අනතුරුව මත්කුඩුවල මුදල් නොදී වංචා කිරීම ඔහුව ඝාතනයට ප්‍රධාන හේතුව බව අනාවරණය වී තිබේ.
මිරිස්සේ ජීවත් වූ ඉබ්බාවල රුවන් මේ වනවිට ඉන්නේ ඩුබායි රාජ්‍යයේ රාජ්‍යයේය. මොරටු සංජීව ඝාතනයට ඔහු විසින් කොන්ත්‍රාත්තුව ලබා දෙන්නේ ඩුබායි රාජ්‍යයේ සිටය.
මෙම ඝාතන කෙන්ත්‍රාත්තුව බාර ගන්නේ ඌරුගමුවේ පදිංචි සමීර චතුරංග නැමැති කමාන්ඩෝ බලකායෙන් පළාවිත් සිටින සෙබලෙකි. පසුගිය 17 වෙනිදා දික්වැල්ල පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගත්තේය. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනය සම්බන්ධයෙන් බොහෝ තොරතුරු අනාවරණය වූ බව ද පොලීසිය කියයි.
“තෝ රුවන් අයියට දුන්න ගේමට මේ රිටන් එක“ යැයි කියමින් වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවද මොරටු සංජීවට වෙඩි තබන විට එසේ පවසන්නැයි ඉබ්බාවල රුවන් තමාට දුරකථනයෙන් පැවසූ බවද අත්අඩංගුවටගත් වෙඩික්කරු පවසා ඇත.
කෙසේ වෙතත් මෙම ඝාතකයාට පොරොන්දු ප්‍රකාරව ශත පහක මුදලක් ලැබී නැති බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
ඝාතනයට යොදාගත් ටී 56 අවිය ඝාතනය සිදුවූ දිනම රාත්‍රී කාලයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගත්තේය. ඒ විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරකට අනුව දික්වැල්ල , උඩගංගොඩ, ඌරුගමුව ප්‍රදේශයේ වෙඩික්කරුගේ නිවස පිටුපස ඇති කැලෑබද ප්‍රදේශයේ සඟවා තිබියදීය .
වෙඩික්කරුට සහය දුන් ඔහුගේ සහෝදරයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය කියයි. වෙඩික්කරුත් ඔහුගේ සහෝදරයාත් මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින අය බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.