බඹරුන් දෂ්ඨ කිරීමෙන් 16 හැවිරිදි දැරියක් මිය ගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ ඊයේ (20) සවස නුවරඑළිය පොලිස් වසමේ බඹරකැලේ වත්තේ ඉහළ කොටසේ දර කැඩීමට ගිය ශීව පෙරුමාල් ක්‍රිෂාන් නැමැති දැරියකි.
ඇයත් සමග තවත් දැරියන් තිදෙනෙක් සිට ඇති අතර ඔවුන් සිවු දෙනාම බඹර ප්‍රහාරයෙන් ප්‍රහාරයට ලක් වී නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇත.
එහෙත් බරපතල තත්ත්වයේ සිටි 16 හැවිරිදි දැරිය මියගොස් තිබේ. මෙම දැරියන් සිවු දෙනාම බඹරකැලේ වත්තේ පදිංචිකරුවන්ය. නුවරඑළිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.