මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ලබන ජුනි 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මොරටුව අධිකරණයට ඔහුව ඉදිරිපත්කිරීමෙන් අනතුරුව එසේ බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඔහුට එල්ලවී ඇති චෝදනාවයි.
සිය නීතීඥවරුන් මාර්ගයෙන් ඔහු අධිකරණයෙන් ඇප ඉල්ලා සිටියත් මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතිකේෂපකරමින් ඔහුව බන්ධනාගාර ගත කළේය.