අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුරුණෑගල සහ මොරටුවේ “වසංගතය“ ගැන ඇත්ත හෙළිකරන්න

by Lanka Sara Editor
මැයි 28, 2021
in පුවත්
eran wickramarathne
Share on FacebookShare on Twitter

කොවිඩ් එන්නත්කරණය මොරටුව සහ කුරුණෑගල පෙදෙස් වල ලබාදීමේදි සිදු කළ දේශපාලන මැදිහත්වීම තුළින් දකින්නේ වර්තමාන ආණ්ඩුව යනු තම පාක්ෂිකයින්ට පමණක් වගකියන ආණ්ඩුවක් පමණත් බවත් එහිදී සිදුවූ දේශපාලන මැදිහත්වීම ආණ්ඩුවේ එන්නත්කරණ ප්‍රතිපත්තිය දැයි ජනාධිපතිවරයා අගමැතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරුන් වහාම රටට හෙළි කළ යුතු බව සමගි ජන බලවේග මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසයි.

කොවිඩ් එන්නත්කරණය පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වික්‍රමරත්න මහතා මෙසේද සඳහන් කර ඇත.

“කොවිඩ් වසංගතය තුළ පීඩාවට පත්ව සිටින ජනතාවට එමගින් සුරක්ෂිත වීමේ පැහැදිලි විසදුම වන්නේ එන්නත්කරණයයි. එය රටවාසි සියලු දෙනා වෙත ලබාදිමේ වගකීම සහ වගවීම ඇත්තේ ආණ්ඩුවටයි. එන්නත ලබාදීමේ දි ලබාදිය යුතු සියල්ලන්ට කිසිදු භේදයකින් තොරව ලැබීමට සැලැස්විම ජනතාවගේ ජීවිතයට වග කියන පාලකයින්ට අත්නොහැරිය යුතු කටයුත්තකි.

නමුත් අද වන විට දිස්වන්නේ කිසිදු යහපත් ආණ්ඩුවක් විසින් සිදු නොකරන ක්‍රියා පිළිවෙතකුයි. මෙවැනි ක්‍රියාදාමයක් ගෝත්‍රික ජන සමාජයක හෝ සිදුනොවේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කොවිඩ් එන්නත්කරණය මොරටුව සහ කුරුණෑගල පෙදෙස් වල ලබාදීමේදි සිදු කල දේශපාලන මැදිහත්වීම තුලින් අප දකින්නේ වර්තමාන ආණ්ඩුව යනු තම පාක්ෂිකයින්ට පමණක් වගකියන ආණ්ඩුවක් බවයි.

මොරටුව සහ කුරුණෑගල සිදු වු දේශපාලන මැදිහත්වීම ආණ්ඩුවේ එන්නත්කරණ ප්‍රතිපත්තිය දැයි ජනාධිපතිතුමා, අගමැතිතුමා, සෞඛ්‍ය අමාත්‍යවරුන් වහාම රටට හෙලි කල යුතුය.

එය එසේ නොවන්නේනම් රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරිය ඉටුකිරීමට බාධා කළ පුද්ගලයන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපි ආණ්ඩුවට බල කරමු.

මේ මොහොතේ රටේ ජනතාව මුහුණ පා ඇති බරපතලම අභියෝගය වන්නේ තම ජිවිතය රැකගැනිමයි. ඒ සදහා ඇති එකම විසදුම එන්නත්කරණයයි. එය අතිගරු ජනාධිපතිතුමා ද පැහැදිලිවම කියා ඇත.

ආණ්ඩුව නිසි තීන්දු තිරණ රැගෙන නියමිත මොහොතේ අවශ්‍ය එන්නත් ගෙන ඒමට පියවර ගත්තානම් මෙවැනි තත්වයක් මතු නොවේ. විද්‍යාව පසෙකලා අවිද්‍යාව පසුපස ගමන්කිරිමේ බේදවාචකය අපි අත්විදිමු.

එන්නත් ගෙන ඒමට පිහිට වු ජනාධිපති කාර්ය සාධක බලකාය සිය වගකිම් ඉටුකලා ද යන්න මෙහිදි මතුවන තවත් ගැටලුවකි.

රටට එන්නත් ගෙන ඒමේ ඉදිරි සැලසුම් වහාම ක්‍රියාවට නංවන ලෙස ආණ්ඩුවෙන් අපි ඉල්ලා සිටිමු.

වර්තමාන ආණ්ඩුව කොවිඩ් සමය තුල රුපියල් පන්දහස ලබාදිමේ දි අනුගමනය කලේ ද පාක්ෂිකයින්ගේ ලැයිස්තු සකස්කොට ක්‍රියාත්මක කිරිමයි. මේ මොහොතේ මොරටුව නගරාධිපතිවරයා ටෝකන් පතක් ලබා දී ඔවුන්ට පමණක්ම එන්නත ලබාදිය යුතුයැයි ද නැතහොත් එන්නත්කරණය නවතන බවට තර්ජනය කිරිම කාගේ බලයක් සියතට ගැන්මක්ද? මොරටුව නගරාධිපති කියන ලෙස කුරුණෑගල දි ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරගේ හැසිරීම කාගේ බලය භාවිතා කිරිමක්ද?

ආණ්ඩුව කියන්නේ අපත් අපගේ දරු පවුල් ආණ්ඩුවට පක්ෂපාතී විවිධ සංවිධානවල දරු පවුල් සහ පාක්ෂිකයින් පමණක් සැලකිල්ලට ගනිමින් එන්නත් ලබාදෙන බවද?මෙම සිදුවිම් අපට පෙන්වා දෙන්නේ රට පිළිබද අදුරු චිත්‍රයකි.

මිහිදු මාහිමියන් දෙවන පෑතිස් රජතුමාට කීවේ “මහරජ මිනිසුන් පමණක් නොව සතා සීපාවා ගහකොළ පවා ඔබගේ වගකීම” බවයි.

වර්තමානයේ ආණ්ඩුව ක්‍රියාත්මක වනුයේ ඒ උතුම් දර්ශනයට හාත්පසින්ම වෙනස් ආකාරයට වීම රටේ ජනතාවගේ ජීවිත අනතුරේ හෙළීම දක්වා පැතිර ගොස් තිබේ.

මේ මොහොතේ සියලු මතවාද පසෙක ලා මෙවැනි සිදුවිම්වලට එරෙහිව නැගී සිටීමට මානුෂික දැක්මක් ඇති සියලු පාර්ශවවල වගකීම බව සමගි ජන බලවේගයේ අප අවධාරණය කරමු.

මාධ්‍ය අංශය
සමගි ජන බලවේගය

Tags: නවතම
Share69Tweet43
Previous Post

මොරටුව නගරාධිපති රිමාන්ඩ්

Next Post

රුපියල් පන්දහසේ දීමනාව ජූනි 02 සිට

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.