පාලිත රංගේබණ්ඩාර කියන ආකාරයට ජනාධිපතිවරයාගේ ධූර කාලය දීර්ඝ කරගැනීමට පාර්ලිමේන්තුව තුළ පනත් සම්මත කරගැනීමෙන් කළ හැකි යැයි උපකල්පනය කළත් එය කරගන්නා විට ජනාධිපති ඡන්දයත් නිමා වී රනිල් වික්‍රමසිංහ සාමදානව ගෙදර ගියාට පසුත් තවත් කල් ගතවනු ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කලේ අද පැවති නිකවැරටිය ගොවි සමුලුව අමතමිනි.
අනුර කුමාර දිසානායක මෙසේ පැවසුවේය.
අද එක්සත් ජාතික පක්ෂ මහලේකම් රංගේ බන්ඩාර කියනවා ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳව පසුගිය දවසක කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළාලු.
ව්‍යවස්ථාවේ එක තැනක තියනවා පහයි කියලා. තව තැනක තියනවා හයයි කියලා. මේක විශාල ගැටලුවක්. එ් පිළිබඳව පනතක් හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවලු.
ඒ පනත පාස් කලාම රනිල් හයයි ලු.මොනවද මේ කියන්නේ…
එහෙම කරන්න බෑ… කිසිවක් වෙන්නේ නෑ. ඒ විදිහෙ පනතකින් මේක වෙනස් කරන්න පුලුවන් කියලා හිතමු. එහෙම හිතුවත් එහෙම පනතක් ගේන්න කාලයකුත් නෑ.
පනතක් කැබිනට් මණ්ඩලයේ සම්මත වෙන්න ඕන. ඊට පස්සේ ඒක සතියකින් ගැසට් කරන්න ඕන. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සති දෙකක් තියන්න ඕන. ඒකට විරුද්ධව කවුරුහරි නඩු යනවා නම් තව සති තුනක් දෙන්න ඕන.
ඒ ඔක්කොම ඉවර වෙනකොට ජනාධිපති ඡන්දෙත් ඉවර වෙනවා. මේ හදන්නේ සමාජ ව්‍යාකූලත්වයක් හදන්න.
අනුර කුමාර දිසානායක කීවේය.









