හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ උණුසුම් වාග් ප්‍රහාරයක් අද පාර්ලිමේන්තුවේදී හටගත් අතර ඊට හේතු වූයේ හිටපු ජනාධිපතිවරයා අමාත්‍ය මහින්දානන්ද අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් පාර්ලිමේන්තුවේදී තමන් නොසිටි අවස්ථාවේ කළ විවේචනයකි. ඊට පිළිතුරු දෙන්නට පැමිණි කෘෂිකර්ම අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරයාගේ 2019 වසරේ වැය ශීර්ෂයත් සහ වර්තමාන ජනාධිතිවරයාගේ 2020 වසරේ වැය ශීර්ෂයත් සංසන්දනය කරමින් වර්තමාන ජනාධිපතිවරයා ආරක්ෂා කිරීම යුතුකමක් බවට වේගවත් ප්‍රකාශයක් සිදු කිරීමයි.
අද පාර්ලිමේන්කුවේ පළමු සැසිවාරය්දී එලෙස ආවේගාත්මක ලෙස අදහස් පළ කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාහ කළේ තමන්ට ගහන්නට ආවොත් තමන්ට ආපහු පහර දෙන බවය. එහිදී තවදුරටත් අදහස් දක්වමින් කෘෂිකර්ම ඇමතිවරයා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2019 වර්ෂයේදී තම වැය ශිර්ෂය ලෙස රුපියල් බිලියන 3.73ක් වැය කර ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට පසු 2020 වසරේ වැය කර ඇත්තේ රුපියල් බිලියන 1.2ක් පමණක් බවත් පෙන්වා දුන්නේය.
ඒ සමග ඔහු ජනාධිපතිවරුන් දෙදෙනාගේ වියදම් කිහිපයක් සංසන්දනය කළේ මෙසේය.
“ මම මේ කතාව කරන්නෙ ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂ දත්ත අරගෙන මිසක් කාටවත් පෞද්ගලික විවේචනය කරන්න නෙවෙයි. මම කිව්වේ ජනාධිපති වැය ශීර්ෂය ගැන. හිටපු ජනාධිපති 2019 අවුරුද්දට වැය කරල තියෙනවා බිලියන 3.73ක්.වර්තමාන ජනාධිපති වැය කර තිබෙන්නේ බිලියන 1.2ක් .
මේ වියදම් තවදුරටත් විස්තර කරනවා නම් 2019 වසරේ ජනාධිපති කාර්යාලයේ වැටුප් සහ වේතන වියදම මිලියන 886ක්. වර්තමාන ජනාධිපතිවරයාගේ මේ වියදම මිලියන 465ක්. දේශීය ගමන් වියදම් හිටපු ජනාධිපති මිලියන 21යි වත්මන් ජනාධිපති මිලියන 6.2යි. විදේශ ගමන් සඳහා හිටපු ජනාධිපතිතුමා 2019 වසරේ මිලියන 52යි. වර්තමාන ජනාධිපතිතුමා 202 වසරේ රුපියල් 377000යි.
ඉන්ධන සඳහා හිටපු ජනාධිපතිතුමා මිලියන 271යි. වත්මන් ජනාධිපතිතුමා මිලියන 90යි. වාහන නඩත්තුවට මිලියන 335.වර්තමාන ජනාධිපති 2020 දී මිලියන 90යි . 2019 වසරේ හිටපු ජනාධිපති ලේකම් කාර්යාලය පුවාහන වියදම් මිලියන 16යි. වත්මන් ජනාධිපතිවරයා 2020 වසරේ මිලියන 5යි. මම වේ කීවේ වසර දෙකේ වැය ශීර්ෂ වෙනස. මට අවශ්‍ය වුණේ වර්තමාන ජනාධිපතිවරයා රටට පෙන්වා දීල තිබෙන ආදර්ශය ගැන කියන්න. අද එතුමට හැමෝම දොස් කියනවා. රටට බිලියන 1.7ක් ඉතිරි කරල තියෙනවා නම් ඒක කතා කිරීමේ අයිතිය මට තිබෙනවා.
නිල නිවස ගැන මම කළ කතාව ගැනත් කිව්වා. ඒ කතාවට මම ගත්තේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් රත්නසිරි මහත්තමයා සකස් කළ ලිපියකින්. මම මේව කියන්නේ මට දොස් කියපු නිසා එම අමාත්‍යංශ ලේකම්වරයාට අනුව පැජට් පාරේ නිවාසය යනු නිවාස තුනකි. මේ නිවාසවල ඩීබී විජේතුංග ජනාධිපතිතුමා, සරත් අමුණුගම සහ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරු හිටියා. එතුමා මට ගැහුවා මහින්දානන්ද නියරක ගිහින් නෑ කිව්වා. . මහින්දානන්ද වෙලේ නියරේ ගිහින් තියනවා. අපට ගහනවා නම් අපිත් ගහනවා. නපුංසක වෙන්න බෑ
මේ ප්‍රකාශයට පිළිතුරක් දුන් මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තමන් ඊට පෙර හිටපු ජනාධිපතිවරුන් සාපේක්ෂව වියදම් අඩුකර ආදර්ශයක් ලබා දුන් අතර වර්තමාන ජනාධිපතිවරයා මෙවැනි ආදර්ශයක් ලබා දීම අගය කරන බවය. එසේම එහිදී පවතින කොවිඩ් වසංගතය නිසා රට තුළ සහ ලෝකයේ වැඩ කටයුතු ගමන් බිමන් සීමා වූ බවද සිරිසේන මහතා සඳහන් කළේය.