සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ හිරි වැටුණු ජනාධිපතිවරයාගේ ආණ්ඩුව සමග මොන සර්ව පාක්ෂික සමුළු ද?.

ජාතික ජන බලවේගය සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන බව නිවේදනය කරයි...

by editor
මාර්තු 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රජය කැඳවන සර්ව පාක්ෂික සමුළුවට තමන් සහභාගී  නොවන බව ජාතික ජන බලවේගය අද නිල වශයෙන් නිවේදනය කළේය.

මීට පෙර විමල් වීරවංශගේ ජාතික නිදහස් පරමුණ, උදය ගම්මන්පිල ගේ පිවිතුරු හෙළ උරුමය, වාසු දේව නානායක්කාරගේ නව සම සමාජ පක්ෂය සර්ව පාක්ෂික සමුළුව ප්‍රතික්ෂේප කර තිබිණි.

ජාතික ජන බලවේගය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවන මූලික හේතුව පැහැදිලි කරමින්  ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කීවේ ආර්ථිකය ගොඩ නැගීම සඳහා මේ  සර්ව පාක්ෂික සමුළුව කැඳවන්නේ  රටේ ආර්ථිකයේ සැබෑ ස්වරූපය පාර්ලිමේන්තුවටත් සඟවා බවය. ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල රටේ ආර්ථික පිළිබඳ ඉදිරිපත් කළ සමාලෝචනය හෙළි නොකර බවය.  රටේ ඩොලර් සංචිත වර්ධනය වූ බව ප්‍රකාශ කළත් ඒ වර්ධනය වූ ආකාරය රහසක් ලෙස තබාගෙන බවය.

මෙතෙක්  විවිධ රටවලින් ගත් ණය ගෙවන කාල සීමා, ණය වාරික, කොන්දේසි පිළිබඳ   ජනතාව හෝ පාර්ලිමේන්තුව කිසිදු ආකාරයකින් නොදැනුවත්  බව කී අනුර කුමාර දිසානායක  ඒ තත්වයක් තුළ මේ කැඳවන සර්ව පාක්ෂික සමුළුව  අර්ථාන්විතවම පදනම් රහිත  බව පෙන්වා දුන්නේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ හිරි වැටුණු ජනාධිපතිවරයා හා හැඟීම් නොදැනෙන ඔහුගේ ආණ්ඩුව සමග කෙරෙන සර්ව පාක්ෂික කතා බහක් නොව, අවශ්‍ය වන්නේ මේ ආණ්ඩුවම ඉවත් කිරීම බව ඔහු කීවේය.  මේ ආණ්ඩුව ප්‍රශ්න විසඳනු ඇතැයි යන මනෝරාජික හැඟීමේ  ජාතික ජන බලවේගය නොමැති බවත් ඔහු  පෙන්වා දුන්නේය.

ආණ්ඩුවෙ අමාත්‍යවරු දෙදෙනෙක් ඉවත්වීම හරහා ආණ්ඩුවෙ අතිවුන  අර්බුදයේ දී      ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක   සර්ව පාක්ෂික සමුළුව යෝජනා වූ බව කියන අනුර කුමාර දිසානායක මෙය ආර්ථික අර්බුදය විසඳීම සඳහා වූ සමුළුවක්  නොවන බව කීවේය.

පොහොට්ටු දේශපාලන  ව්‍යාපාරය හා මෛත්‍රීපාල සිරිසේන නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  අතර ඇතිවූ දේශපාලන අර්බුදයට විසඳුමක් ලෙස ඉදිරිපත් වුණු මෙම  සර්ව පාක්ෂික සමුළුවේ යෝජනාවම වැරදි බව ඔහු පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි විතැන් කරමින් කරන දේශපාලන බල හුවමාරු සඳහා කිසිම ආකාරයකට සහයෝගය නොදක්වන බව කී අනුර කුමාර දිසානායක   මේ පාලනය පළවා හැර, හැත්තෑ වසරක් තිස්සේ දියත් වුණු තට්ටු මාරු දේශපාලනය වෙනුවට ජනතාවාදී පාලනයක් ඇති කිරීම වෙනුවෙන් කැප වන බව කීවේය.

ඔහුගේ ප්‍රකාශය පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙට විදුලිය කැපීම සමහර පැතිවලට  පැය 05ක් –  ඉතිරි අයට පැය හතර හමාරක්!

Next Post

ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4000 පනී…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.