රට පුරා ඉන්ධනහල්වල ඉන්ධන නොමැති වීමට හේතුව මිල සංශෝධනයක් බලාපොරොත්තුවෙන් ඉන්ධන ඇණවුම් නොකිරීම බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. මෙම සතිය තුළ කිසිදු ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව අවධාරණය කරන අමාත්‍යවරයා සිය සේවාව පාරිභෝගික ජනතාව වෙත ලබා දෙන ලෙස ඉන්ධනහල් හිමියන්ගෙන් ඉල්ලා සිටී.
ඔහු පවසන්නේ සිපෙට්කෝ සහ ලංකා අයි.ඕ.සී ඉන්ධන ගබඩාවල ප්‍රමාණවත් ඉන්ධන පවතින අතර කිසිදු හිඟයක් නොමැති බවයි.







