බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෑම තත්ත්පර 6කටම වරක් බඩගින්නේ මිනිහෙක් මැරෙන ලෝකයක මරණීය අනාගතය ගැන කළු සටහනක්!

ඇමරිකාවේ තුන්කෝටි හතලිස් ලක්ෂයක් බඩගින්නේ... මන්දපෝෂණයෙන් දිනකට 18ක් මරුට...

by editor
නොවැම්බර් 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගැමුණු සාලිය පෙරේරා –

  • ඇමරිකාව තුළ දල වශයෙන් දිනකටම  පුද්ගලයන් 18ක් බඩගින්නෙ මැරෙනවා…

  • එක්සත් ජනපදයේ ළමුන් ලක්ෂ 90 ක් ඇතුළුව තුන් කෝටි හතලිස් ලක්ෂයකට වැඩි පිරිසක් හරිහමන් පෝෂණීය ආහාර වේලක් නොමැතිව බඩගින්නේ රැය පහන් කරනවා…

යුක්රේන – රුසියන් යුද්ධය ආරමිභ වී මේ වන විට මාස 8 ක් ඉක්ම ගොස් ඇත රුසියාව යුක්රේනයට එරෙහි 2 වැනි ප්‍රහාරක රැල්ල සඳහා සූදානමි වෙමින්ය.   එළැබෙන ශීත ඍතුවේදී යුක්රේනුවන්ට හිම මිදෙන අඳුරු සීතලේ මිදී මිය යන්නට වැඩ සිද්ධ කිරීමේ උවමනාව පෙරදැරි කරගත්, යුක්රේන බලශක්ති ජනන බලාගාර ඉලක්ක කරගනිමින් එල්ල කෙරෙන  රුසියානු ගුවන් ප්‍රහාරවල සීඝ්‍ර වැඩිවීමක් මේ දිනවල  දකින්නට ලැබේ. චීනය රුසියාව සමග උපක්‍රමිකව බලමුලු ගැන්වෙමිනි.

Ukren
යුක්රේන් යුද්ධයේ සැබෑ ප්‍රතිඵල…

මේ අතර රුසියානු චීන   කඳවුරට ප්‍රතිපක්ෂ    සංධානය වන නේටෝව සහ ඇමරිකාව මේ වන විට යුක්රේනයට ඩොලර් බිලියන ගණනනින් යුධ ආධාර සහ අවි ආයුධ සපයමින් සිටී. එක්සත් ජනපදය පමණක් මේ වන විට ඩොලර් බිලියන 13.5 කට ද වඩා යුධ ආධාර යුක්රේනයට ලබා දී ඇත.

  • ඇමරිකානුවන්ගේ බඩගින්නේ තරම.

ඇමරිකා එක්සත් ජනපද කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ (USDA ) නිල සංඛ්‍යාලේඛන වලට අනුව, එක්සත් ජනපදයේ ළමුන් මිලියන 9 ක් ඇතුළුව මිලියන 34 කට වැඩි පිරිසක් හරිහමන් පෝෂණීය ආහාර වේලක් නොමැතිව බඩගින්නේ රැය පහන් කරති.

ලෝක බැංකු  වාර්තාවලට අනුව 2020 වර්ෂයේදී පමණක් මන්දපෝෂණය නිසාවෙන් ඇමරිකාවේ පුද්ගලයින් 6,762 දෙනෙකු මිය ගොස් තිබේ. ධනවත් රාජයයක් වුව ද, ප්‍රජාතන්ත්රවාදය මානුෂීයත්වය ගැන වැදි බණ දෙසන ඇමරිකාව තමන්ගේ රටේ ජනතාවටවත් හරි හැටියට කන්න දෙන්න බැරි අසමත් රාජ්‍යයක් බව මේ අනුව පෙන්නුම් කර ඇත.

ඇමරිකානු දරුවෝ ලක්ෂ 90ක් සෑම දිනකම බඩගින්නේ රැය පහන් කරති….
  • පුපුරා යන ගෝලීය බඩගින්න 

ලොව පුරා උග්‍ර  ආහාර අනාරක්ෂිතතාවයට මුහුණ දෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2019 වර්ෂයේ සිට – 2022 වන විට මිලියන 135 සිට මිලියන 345 දක්වා ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකාව ද ඇතුලුව රටවල් 45 ක මුළු ජනගහනයෙන් මිලියන 50 ක් සාගතයේ   වෙලී සිටිති.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

  • දිනකට ලොව කුසගින්නෙන් මිය යන සංඛ්‍යාව කොපමණද?

ඔක්ස්ෆෑම් හි 2021 වාර්තාවකට අනුව සෑම දිනකම ලෝකයේ  7,750 ත් 15,345 ත් අතර සංඛ්‍යාවක් කුසගින්නෙන් හා මන්දපෝෂණයෙන් මිය යති. කණගාටුදායකම පුවත වන්නේ මින් බහුතරයක් දරුවන් වීම ය. සෑම වසරකම ළමුන් මිලියන 3.1 ක් පමණ මන්දපෝෂණයෙන් මිය යති. (UNICEF- 2018) ගෝලීය ළමා මරණවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයකට කුසගින්න සහ මන්දපෝෂණය දායක වේ.

malnutrition
ලොව පුරා ආහාර හිඟයෙන් සෑම තත්ත්පර 06කට වරක් පුද්ගලයෙක් මරුට.. වැඩිවශයෙන්ද මරණයට පත්වන්නෙ දරුවන්…
  • මන්දපෝෂණය නිසා දරුවන්ගේ ලෙඩ දුක් සහ මරණ ඉහළට

දුර්වල පෝෂණයක් සහිත දරුවන් සෑම වසරකම දින 365 න් දින 160 ක් පමණ අසනීප වලින් පීඩා විඳිති. මන්දපෝෂණය, බෝවන සහ බෝ නොවන සෑම රෝගයකටම   විශාල බලපෑමක් සිදුකරයි කරයි. මන්දපෝෂණය මූලික හේතුව වන ගෝලීය මරණවල ඇස්තමේන්තුගත අනුපාතය පාචනය නිසාවෙන් මරණ 61% ක්, මැලේරියාවෙන් 57% ක්, නියුමෝනියාවෙන් 52% ක් සහ සරම්ප රෝගයෙන් 45% ක් ලෙස සටහන් වී තිබේ.

නිසියාකාරව ආහාර නොලැබෙන අයකුගේ ආහාරය, පෝෂ්‍ය පදාර්ථ බවට පරිවර්තනය කිරීමට ශරීරයට ඇති හැකියාව අඩු කිරීම මගින් ද ලැබෙන සීමිත ආහාරයෙන් ද හරියාකාර ප්‍රයෝජනයක් ගැනීමට ශරීරයට නොහැකි වනු ඇත. අනෙක් අතට දුර්වල ප්‍රතිශක්තිකරණය සහ සනීපාරක්ෂාව දුර්වල වීම සහ ආහාරයේ සෞඛ්ය ආරක්ෂිතභාවය ගිලිහී යාම නිසාවෙන් දරුවන් පාචනය වැනි රෝග වලට ලෙහෙසියෙන් ගොදුරු විය හැකි අතර, පාචන රෝග නිසාද නැවත මන්දපෝෂණය තීව්‍ර කෙරෙනු ඇත.

ප්‍රාථමික පාසල් වයසේ ළමුන් මිලියන 66 ක් සංවර්ධනය වෙමින් පවතින ලෝකය පුරා බඩගින්නේ පන්තිවලට සහභාගී වන අතර, එය ඔවුන්ගේ ඉගෙනීමේ හැකියාවට බෙහෙවින් බලපාන  බව ලෝක ආහාර වැඩසටහන අවධාරණය කරයි.

  • මන්දපෝෂණය සහ බඩ දරු අම්මලා

මන්දපෝෂණය බරපතල ලෙස බලපාන තවත්  කොට්ඨාසයක් වන්නේ ගර්භනී මවුවරුන් ය. ගර්භණී සමයේදී අඩු පෝෂණය නිසා ඇති වන ඕනෑම සංකූලතා තත්ත්වයක් ඇගේ දරුවාටද බලපානු ඇතැයි වෛද්‍යවරු අවධාරණය කරති.

මන්දපෝෂණයෙන් පෙළෙන බඩදරු අම්මලා…

රක්තහීනතාවය, අධි රුධිර පීඩනය, ගබ්සාවීම්, නොමේරූ දරු ප්‍රසූතිය හෝ මාතෘ මරණ වැනි අවාසනාවන්ත තත්ත්වයන් ඇති විය හැකිය. මන්දපෝෂණයෙන් පෙළෙන මව්වරුන්ට දාව උපදින බොහෝ දරුවන් ද මන්පෝෂණයෙන්ම පෙළෙනු ඇත. ඔවුන් උපතින්ම කුරු විය හැකි අතර, ඔවන්ගේ කායික මානසික සංවර්ධනය දුර්වල වනු ඇතැයිද පැවසේ. එය විෂම චක්‍රයක් ලෙස අනාගත පම්පරාවම අනතුරේ හෙළනු ඇත.

  • යුද්ධය මෙන්ම බඩගින්න ද දේශපාලනිකයි.

දේශගුණික  විපර්යාස, යුධ ගැටුම්, කෝවිඩි වසංගත තත්ත්වය සහ ධනවත් රටවල් සහ ධනවතුන්ගේ අසීමිත අධිපරිභෝජනය සහ නාස්තිය, ආහාර නිශ්පාදනයන් අසමානව බෙදී යාම, ඉහළ යන ආහාර සහ ඉන්ධන පිරිවැය, දුප්පත් සහ පොහොසත් රටවල්වල දේශපාලනඥයින්ගේ බල වුවමනාවන් සහ අදූරදර්ශී  මාර්ග වල සමස්ත සම්ප්‍රයුක්තය  පරිපූර්ණ ගෝලීය බඩගිනි කුණාටුවක් නිර්මාණය කර ඇත. යුක්රේන යුද්ධය විසින් එය ව්‍යසනයට ඉහළින් ව්‍යසනයක් ගොඩ නගමින් සිටී.

  • යුධ වියදම්  ඉහළට. බඩගිනි වියදම් පහළට.

අවශ්‍යතා අහස උසට නැඟුණත් සම්පත් පතුළට පැමිණ ඇත. ලෝක ආහාර වැඩසටහනට (WFP) 2022 දී මිලියන 153 ක ජනතාවක් වෙත ළඟා වීමට ඇමරිකානු ඩොලර් බිලියන 24 ක් අවශ්‍යවේ යැයි ගණන් බලා ඇත. එය එළැබෙන වසරේදී දෙගුණ වනු ඇත. කෙසේ වෙතත්, පවතින ගෝලීය ආර්ථිකය පසුබෑමත් සමඟ, අවශ්‍යතා සහ අරමුදල් අතර පරතරය වෙන කවරදාටත් වඩා විශාල වී ඇත.

නෙටෝ රටවල් යුක්රේනය සහ රුසියාව මේ යුද්ධයට වියදම් කළ මහා ධනස්කන්දය පසෙකින් තබා ඇමරිකාව රුසියාවට එරෙහිව යුක්රේනයට වියදම් කළ මුදල ඇමරිකාව තුළ හාමතේ සිටින දුගියන්ට වියදමි කළානමි එක් අයෙකුට ඇමරිකන් ඩොලර් මිලියන 400 ක පමණ මුදලක් ලැබෙනු ඇත.

ලෝකය පුරා මිලියන ගණනක ජනතාවක් සෑම රාත්‍රියකම   බඩගින්නේ නින්දට යති. ඇමරිකාව ඇෆ්ගනිස්ථානයේ යුද්ධයට සහ යුක්රේන යුද්ධයට පමණක් වියදම් කළ මුදල හාමතේ ඉන්න ජනතාව වෙනුවෙන් වියදම් කළානම් එම මුදලින් ලෝකයේ ආහාර අනාරක්ෂිතතාවය සහ බඩගින්න මුලුමනින්ම තුරන් කළ හැකිව තිබිණ.

මේ අනුව, ඉදිරි වර්ෂයේදී බොහෝ දෙනෙකුගේ අවධානය යොමු නොවන ලෝකයේ විශාලතම ආරක්ෂක අර්බුදය වනාහි, යුද්ධයෙන් විනාශ වූ සෝමාලියාවේ සිට ඇමරිකාව රුසියාව චීනය දක්වා කෑම පිඟන් මිලියන ගණනකට හරි හැටියට කෑම ඩිංගක් නොලැබීම වනු ඇත.

එය ශ්‍රී ලංකාව, හයිටිය, සිමිබාබ්වේ, වෙනිසියුලාව, සෝමාලියාව, ඉතියෝපියාව, ඝානාව, ලෙබනනය, ඇෆ්ගනිස්ථානය වැනි බංකොලොත් රටවල් සියල්ල අඹරා පර සක්වල ගසනු ඇත.

මුලුමනින්ම අධිරාජවාදි දේශපාලනික බල වුවමනාවන් මත සිද්ද වෙන යුද්ධය සහ ධනවතුන්ගේ අසීමිත කෑදරකම සහ දූෂිත දේශපාලනඥයින්ගේ වැරදි තීන්දු තීරණ නිසාවෙන්, ලෝකය පුරා දුගීයන් මිලියන ගණනින් බඩගින්නෙන් වන්දි ගෙවනු ඇත. මෙය ශිෂ්ටාචාරයේ බරපතලම  ඛේදාවාචකයකි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඊලඟ බිල්ල ජයරුවන් බණ්ඩාර?… රවී කුමුදේශ් සහ උපුල් රෝහණ ගැනත් අභ්‍යන්තර විමර්ශන ඇරඹිලා!

Next Post

මේ සතියේ ඉන්ධන මිල සංශෝධන නෑ! ඇණවුම් නොකර ඉන්න එපා !

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.