ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු ආධාරවලින් ඩොලර් මිලියන 60කට වඩා ඉතිරිව තිබියදී හා හතරගුණයකට වඩා ලාභදායී ප්‍රතික්‍රියක ඉන්දියාවෙන් ගෙන්වාගැනීමේ හැකියාව තිබියදී රසායනික ද්‍රව්‍ය හිඟවී ඇති බව පෙන්වමින් කොළඹ ජාතික රෝහලේ රසායනාගාර පරික්ෂණයන් නතර කර ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්වත් වෘත්තිකයින්ගේ සංගමය සඳහන් කරයි.
මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහල වෙත පැමිණෙන රෝගීන්ට පරික්ෂණ කර ගැනීම සඳහා පෞද්ගලික රාසායනාගාරයන් වෙත යෑමට සිදුව ඇතැයි සංගමයේ සභාපති රවි කුමුදේශ් සඳහන් කළේය.
මේ වන විට සිදුකළ යුතු අත්‍යවශ්‍ය පරික්ෂණයන් කීපයක් පමණක් රෝහල තුළ නිපදවාගන්නා ලද ප්‍රතික්‍රීයක භාවිත කරමින් සිදුකර ගන්නා බවත් රෝහලේ රසායානාගාර පරික්ෂණයන් සිදු නොකිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුවත් කර නොමැති බවත් පැවසේ.
මේ වන විට ජාතික රෝහලට මිලදී ගැනීමට උත්සහ කරන ඇතැම් ප්‍රතික්‍රියක ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය පවා ලබා නොගත් ඒවා යැයිද සඳහන්වේ
.







