මේ වසරේ යළි විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පවසයි.
සභාපතිවරයා පවසන්නේ විදුලි ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බවය.
මාස 06කට වරක් ලෙස වසරකට අවස්ථා දෙකක දී පමණක් විදුලි ගාස්තු සංශෝධනය සිදුවන බව ඔහු පැහැදිලි කළේය.
මේ වසරේ දී තෙවන වරටත් විදුලි ගාස්තු සංශෝධනයක් සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් උපයෝගිතා කොමිසමට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර තිබිණි.