2023/ 10/ 16 වන දින අඹන්පොල පොලිස් වසමේ ඒ A-28 අනුරාධපුර පාදෙණිය මාර්ගයේ අඹන්පොල මහජන බැංකුව ඉදිරිපිට දි නම නොදත් පදිකයෙකු වාහන අනතුරකට ලක් වී බරපතල තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටිය දී පසුගිය 21 වැනිදා මිය ගොස් ඇත.
රිය අනතුර සිදුවන මොහොතේ ඔහු ලා නිල්පාට සරමක් ඇඳ සිට ඇත. උස අඩි පහයි අඟල් තුනක් පමණ වේ. සාමාන්‍ය ශරීරය තලෙළු වර්ණය සහිතය. හිසකෙස් අඟල් තුනක් පමණ වැවී පස්සට පීරා ඇත. හිසකෙස්වල ව වල වර්ණය සුදු සහ කළු වේ. වයස අවුරුදු 65කි.
මේ තාත්තා කවරෙක්දැයි මෙතෙක් හඳුනාගෙන නොමැත. ඔහු පිළිබඳ තොරතුරක් වෙතොත් 0718591283 හෝ 0719778733 වෙත දැනුම් දෙන ලෙසෙ අඹන්පොල පොලිසිය ඉල්ලා සිටී.