අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාතාලයත් ගැවුන කුලියාපිටියේ කුප්‍රකට දේපල නඩුවේ පාර්ශවයක් වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය පෙනී  ඉන්නවා ද?… දි අයිලන්ඩ් ප්‍රශ්නකාරී තොරතුරක් හෙළි කරයි!

by editor
ඔක්තෝබර් 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ගනේමුල්ලේ සංජීව ඇතුළු පාතාල අපරාධකරුවන් හා සම්බන්ධ බව කියැවුන ආන්දෝලනයට ලක්වී ඇති දේපල නඩුවක් වන කුලියාපිටියේ ඇටඹගහමුල බිම් වාසිය දේපළට  දැනට හිමිකම් කියන මුතුකුඩ ආරච්චිගේ දොන් සුරංග නැමැත්තෙක් අධිකරණයට අපහාස කිරිම සම්බන්ධව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම, හරිනි අමාලි කබ්‍රාල්  විජේතුංග සහ කීර්ති රත්නායක නැමැති තිදෙනාට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු පවරා ඇතැයි අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කළ බව දි අයිලන්ඩ් පුවත්පත පවසයි.

දි අයිලන්ඩ් මවිතය පලකරමින් මෙම සිද්ධිය වාර්තා කරන්නේ පුද්ගලයෙක් විසින්  පුද්ගලික දේපලක් සම්බන්ද ආරවුලකට අදාලව කළ නඩු ගොනු කිරිමක් එම පෙත්සම්වල පිටපත් ද සමග අධිකරණ අමාත්‍යාංශය  හරහා මාධ්‍යයට යොමු කිරීම ගැනය.

සති අන්තයේ අධිකරණ අමාත්‍යාංශය මෙම නිවේදනය නිකුත් කර තිබුණේය.

එම නිවේදනයේ දක්වා තිබුණේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු පවරන ලෙසත්, ඊට දඩුවම් ලබා දෙන ලෙසත් ඉල්ලා චමුදිත සමරවික්‍රම, කීර්ති රත්නායක සහ හරිනි අමාලි විජේතුංග යන අයට එරෙහිව අභියාචනාධිකරණයේ 2023.10.16 දින නඩු පවරා ඇති බවය.

මෙම නඩුවේ පෙත්සම්කරු වන්නේ අංක 147/155 , ගෝල්ඩන් ටෙරන්ස්, කදිරාන , මීගමුව ලිපිනයෙහි පදිංචි මුතුකුඩ ආරච්චිගේ දොන් සුරංග දිල්රුක් යන අය  බවද අමාත්‍යාංශය කියන්නේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

අධිකරණයට අපහාස කිරීමේ නඩුව පවරා ඇත්තේ 2023/09/20 දින Truth With Chamuditha යු ටියුබ් නාළිකාවේ  විකාශනය වු වැඩ සටහනේදී හරිනි අමාලි විජේතුංග කළ කරුණු දැක්වීම සහ 2023 ජුනි 30 කිර්ති රත්නායක නැමැත්තෙකු විසින් මුහුණු පොතේ කළ පළ කිරීමක් ( POST)  මෙන්ම ඔහු විසින් 2023 අගොස්තු කළ පළ කිරීමක් ( POST)  දෙකක් පදනම් කර ගනිමින්  බවත්   2023/08/23 චමුදිත නිවුස් බ්‍රිෆ් හරහා කෙරුණු සංවාදයක් මගින් ද අධිකරණයට අපහාස සිදු වු බව පෙත්සම්කරු පෙන්වා දී ඇතැයි අධිකරණ අමාත්‍යාංශය කියයි.

ඉහත කී වග උත්තරකරුවන්ට සිතාසී නිකුත් කරන ලෙසත්, අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කරන ලෙසත්, අධිකරණයට අපහාස කිරීමට දඩුවම් ලබා දෙන ලෙසත්, ඊට සුදුසු වන්දියක් නියම කරන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා සිටින්නේ යැයි අධිකරණ අමාත්‍යාංශය මාධ්‍ය වෙත දන්වා ඇත.

එසේ කර  මෙම නඩු පැවරීමට අදාළ පෙත්සම් තුන ද යොමු කර තිබේ.

ගැටලුව වන්නේ පාතාලයේ නම් ගම් සහ සම්බන්ධතා හෙළි වුන, හිමිකාරිත්වය සම්බන්ධ බරපතල විසංවාදයක් සමාජය තුළ මතු වී ඇති මෙම කුප්‍රකට දේපල නඩුව සම්බන්ධව අධිකරණ අමාත්‍යාංශය පෙනී සිටින්නේ කුමණ පදනමකින්දැයි පැහැදිලි නැති වීමය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මේ තාත්තා දන්නව ද?. තොරතුරක් ඇතිනම් අඹන්පොල පොලිසියට කියන්න…

Next Post

මනම්පිටියේ  පාරම්පරික වැලි මංකඩ බලපත්‍ර හතරක් දේශපාලන හෙංචයින්ට සහ බලවතුන්ට දුන් වැලි සමාගම  වටලයි…. අවලංගු කළ බලපත්‍ර හිමි කරුවන්ටම ලැබෙයි!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.