ගනේමුල්ලේ සංජීව ඇතුළු පාතාල අපරාධකරුවන් හා සම්බන්ධ බව කියැවුන ආන්දෝලනයට ලක්වී ඇති දේපල නඩුවක් වන කුලියාපිටියේ ඇටඹගහමුල බිම් වාසිය දේපළට දැනට හිමිකම් කියන මුතුකුඩ ආරච්චිගේ දොන් සුරංග නැමැත්තෙක් අධිකරණයට අපහාස කිරිම සම්බන්ධව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම, හරිනි අමාලි කබ්‍රාල් විජේතුංග සහ කීර්ති රත්නායක නැමැති තිදෙනාට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු පවරා ඇතැයි අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කළ බව දි අයිලන්ඩ් පුවත්පත පවසයි.![](//lankasara.com/wp-content/uploads/2023/10/1601471378-Ministry-of-Justice-B.jpg)
දි අයිලන්ඩ් මවිතය පලකරමින් මෙම සිද්ධිය වාර්තා කරන්නේ පුද්ගලයෙක් විසින් පුද්ගලික දේපලක් සම්බන්ද ආරවුලකට අදාලව කළ නඩු ගොනු කිරිමක් එම පෙත්සම්වල පිටපත් ද සමග අධිකරණ අමාත්‍යාංශය හරහා මාධ්‍යයට යොමු කිරීම ගැනය.
සති අන්තයේ අධිකරණ අමාත්‍යාංශය මෙම නිවේදනය නිකුත් කර තිබුණේය.
එම නිවේදනයේ දක්වා තිබුණේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු පවරන ලෙසත්, ඊට දඩුවම් ලබා දෙන ලෙසත් ඉල්ලා චමුදිත සමරවික්‍රම, කීර්ති රත්නායක සහ හරිනි අමාලි විජේතුංග යන අයට එරෙහිව අභියාචනාධිකරණයේ 2023.10.16 දින නඩු පවරා ඇති බවය.
මෙම නඩුවේ පෙත්සම්කරු වන්නේ අංක 147/155 , ගෝල්ඩන් ටෙරන්ස්, කදිරාන , මීගමුව ලිපිනයෙහි පදිංචි මුතුකුඩ ආරච්චිගේ දොන් සුරංග දිල්රුක් යන අය බවද අමාත්‍යාංශය කියන්නේය.
අධිකරණයට අපහාස කිරීමේ නඩුව පවරා ඇත්තේ 2023/09/20 දින Truth With Chamuditha යු ටියුබ් නාළිකාවේ විකාශනය වු වැඩ සටහනේදී හරිනි අමාලි විජේතුංග කළ කරුණු දැක්වීම සහ 2023 ජුනි 30 කිර්ති රත්නායක නැමැත්තෙකු විසින් මුහුණු පොතේ කළ පළ කිරීමක් ( POST) මෙන්ම ඔහු විසින් 2023 අගොස්තු කළ පළ කිරීමක් ( POST) දෙකක් පදනම් කර ගනිමින් බවත් 2023/08/23 චමුදිත නිවුස් බ්‍රිෆ් හරහා කෙරුණු සංවාදයක් මගින් ද අධිකරණයට අපහාස සිදු වු බව පෙත්සම්කරු පෙන්වා දී ඇතැයි අධිකරණ අමාත්‍යාංශය කියයි.
ඉහත කී වග උත්තරකරුවන්ට සිතාසී නිකුත් කරන ලෙසත්, අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කරන ලෙසත්, අධිකරණයට අපහාස කිරීමට දඩුවම් ලබා දෙන ලෙසත්, ඊට සුදුසු වන්දියක් නියම කරන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා සිටින්නේ යැයි අධිකරණ අමාත්‍යාංශය මාධ්‍ය වෙත දන්වා ඇත.
එසේ කර මෙම නඩු පැවරීමට අදාළ පෙත්සම් තුන ද යොමු කර තිබේ.
ගැටලුව වන්නේ පාතාලයේ නම් ගම් සහ සම්බන්ධතා හෙළි වුන, හිමිකාරිත්වය සම්බන්ධ බරපතල විසංවාදයක් සමාජය තුළ මතු වී ඇති මෙම කුප්‍රකට දේපල නඩුව සම්බන්ධව අධිකරණ අමාත්‍යාංශය පෙනී සිටින්නේ කුමණ පදනමකින්දැයි පැහැදිලි නැති වීමය.