සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මනම්පිටියේ  පාරම්පරික වැලි මංකඩ බලපත්‍ර හතරක් දේශපාලන හෙංචයින්ට සහ බලවතුන්ට දුන් වැලි සමාගම  වටලයි…. අවලංගු කළ බලපත්‍ර හිමි කරුවන්ටම ලැබෙයි!

by editor
ඔක්තෝබර් 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟේ පාරම්පරික   මංකඩලාභීන්ගේ වැලි කැණීම් බලපත්‍ර හතරක් දැනුම් දීමකින් තොරව අවලංගු කර    එක් බලපත්‍ර හතර රුපියල්  ලක්ෂ විසිපහකට   පිටස්තර පුද්ගලයින් සිව්දෙනෙකුට  ලබාදුන් බව කියමින්  මනම්පිටිය වැලි මංකඩලාභින්, ටිපර් රථ හිමිකරුවන් සහ වැලි ගොඩදමන කම්කරුවන් පිරිසක්  අද (23) මනම්පිටිය වැලි සමාගමේ කාර්යාලය වටලා එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා පැය හතරක පමණ කාලයක් කාර්යාල   තුළ රඳවාගෙන දැක්වූ විරෝධතාවයකින් අනතුරුව අවලංගු කළ බලපත්‍ර යළි ලබා දීමට මනම්පිටිය වැලි සමාගමේ පාලන අධිකාරියට සිදුවී ඇත.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

වැලි කැණීම් බලපත්‍රයක් පවුලේ කෙනෙකුට හෝ ඥාතියෙකුට පැවරීම හැරුණු කොට වෙනත් අයෙකුට පැවරීම තහනම් කර තිබියදී මනම්පිටිය වැලි සමාගමේ ප්‍රධාන විධායක කළමනාකාරවරයා සහ තවත් නිළධාරීන් කිහිප දෙනෙකු එක්ව පසුගිය 18 වැනිදා පාරම්පරික මංකඩ ලභීන්  සිවුදෙනෙකුගේ වැලි කැණීම් බලපත්‍ර අවලංගු කර තිබුණු බව කියැවිනි.

එම බලපත්‍ර හතර දේශපාල හිතවතුන්ට සහ ආරක්ෂක අංශයේ ඉහළ පුද්ගලයින්ට නීති විරෝධී ලෙස  ලක්ස විසි පහක මුදලක් ලබාගෙන පැවරීම  පිළිබඳව විරෝධතාවය පලකරමින් අද මනම්පිටිය වැලි මංකඩ ලාභීන්, කම්කරුවන් සහ ටිපර් රථ හිමියන් මනම්පිටිය වැලි සමාගම වැටලූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා කාර්යාලය තුළ සිටිය දී අදාල පරිශ්‍රයේ වටකර ඉඳගෙන ඔහුට එළියට පැමිණිය නොහැකි සේ මිනිස්සු කඳවුරු බැඳගත්හ.  විරෝධතාවයේ නියතු පිරිස් ඉල්ලා සිටියේ නීති විරෝධී ලෙස අවලංගු කරන ලද ඔවුන්ට හිමි බලපත්‍ර යළි    ලබාදීමට කටයුතු කරන ලෙසය.

විරෝධතාකරුවෝ දිගින් දිගටම කීවේ  මනම්පිටිය වැලි සමාගමෙන් තම කැණීම් බලපත්‍රලාභීන්ට මෙන්ම කම්කරුවන්ට සහ ටිපර් රථ රියැදුරන්ට දිගින් දිගටම  අසාධාරණකම් රැසක් සිදුව ඇති බවය.

මනම්පිටිය වැලි  සමාගම හොර ගුහාවක් වි තිබෙන බවත්, මෙහි විධායක නිළධාරීවරයා හිතුමතේ තීන්දු ගැනීමේ හේතුවෙන් මනම්පිටිය වැලි සමාගමේ ගැටලු  රැසක් මතුව ඇති බවත්  විරෝධතාකරුවන් පැවසූහ.

ප්‍රධාන විධායක නිලධාරීවරයාට කාර්යාලයෙන් එළියට යෑමට ඉඩ නොදී වැලි කම්කරුවන් වැලි මංකඩලාභීන්  මෙන්ම ටිපර් රථ රියැදුරන් කාර්යාලයේ බිම වාඩි සිටින අවස්ථාවේදී මෙම ස්ථානයට පැමිණි මනම්පිටිය වැලි සමගාමේ  නිලධාරීන් තත්ත්වය පාලනය කිරීමට උත්සාහ ගත්තද ඉන් සිදුවූයේ තත්ත්වය තවත් උණුසුම් වීමය.

පසුව මනම්පිටිය පොලිසිය මැදිහත්වී ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ විරෝධතාකරුවන් සමග සාකච්ඡාවකින් අනතුරුව    පිටස්තර සිව්දෙනාට ලබාදී ඇති වැලි කැනීම් බලපත්‍ර වහාම අත්හිටුවා, වැලි කැණීම් බලපත්‍ර සාමාජිකයන් සිව්දෙනාට යළිත් වරක් ලබාදෙන ලබාදෙන බවට විධායක නිලධාරීවරයාට ලිඛිත පොරොන්දුවක් දීමට සිදුවිය.

ඒ සමගම විරෝධතාවය ජයග්‍රාහී ලෙස අවසන් විය.

විරෝධතාකරුවන් නගන චෝදනාව පිළිබඳව අප මනම්පිටිය පෞද්ගලික වැලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉක්බාල්   හසන්  ගෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ ඉහළ කළමනාකාරීත්වය ලබාගත් තීන්දු තීරණ අනුව වැල කැණීම් බලපත්‍ර හතරක් පිටස්තර අයට ලබාදුන් බවත්, තමන් එක් බලපත්‍රයකින් රුපියල් ලක්ෂ 25 ක මුදලක් ලබාගත් බව කියන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත්ය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාතාලයත් ගැවුන කුලියාපිටියේ කුප්‍රකට දේපල නඩුවේ පාර්ශවයක් වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය පෙනී  ඉන්නවා ද?… දි අයිලන්ඩ් ප්‍රශ්නකාරී තොරතුරක් හෙළි කරයි!

Next Post

දසුන් ගේ ලෝක කුසලාන තරග ඉවරයි… අයි.සී.සී නීතිය අනුව යළි කණ්ඩායමට එන්න බෑ… රසල් ආනල්ඩ් පැහැදිලි කරයි. ( වීඩියෝ සහිතයි)

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.