බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ ගස මරන්න සැලසුමක් තියනවා… එය වැනසුවොත් රජය  වගකීම භාරගත යුතුයි…

ඊයේ සඟ සතු කෙරුණු දාරළුවේ ගස අද තුනුරුවණට බාර කරමින් ආනන්ද සාගර හිමියෝ හෙළිකරති...

by editor
පෙබරවාරි 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • දැන් මේක ලෝක උරුමයක්… අනාගතය වෙනුවෙන් මෙය ආරක්ෂා කරන්න රජය මැදිහත් විය යුතුයි… තිස්ස ජනනායක කියයි.

ඉන්දික තුෂාර –

කෲඩිආ සෙලනිකා (crudia  zeylanica )   ගස වැනි ගස් තවත් තිබෙන බවට  අද වන විට වනජීවී දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය විසින් තර්ක කරමින්     දාරළුවේ පිහිටි මෙම ගස ඉවත් කිරීමට උත්සාහ දරමින් සිටින බවත් මෙම ගස යම්කිසි පිරිසක් විසින් හෙට අනිද්දා වනවිට   විනාශකර දැමීමට ඉඩ තිබෙන බැවින් ලෝක උරුමයක් වන මෙය ආරක්ෂා කිරීමට රජය කටයුතු කළයුතු බවත් අද පෙරවරුවේ එතැනට වැඩම කළ සුරකිමු ශ්‍රී ලංකා ව්‍යාපාරයේ  සභාපති පූජ්‍ය ආනන්ද සාගර හිමියෝ පැවසූහ.

ආනන්ද සාගර හිමියන් පිරිත් පැන් ඉසිමින්

උන්වහන්සේ එසේ පැවසුවේ වඳවූ බවට රතු දත්ත පොතට ඇතුළත්වූ   ශ්‍රී ලංකාවට ආවේනික  කෲඩිආ සෙලනිකා (crudia  zeylanica )  වෘක්ෂය අභියසට අද (11) මහා සංඝයා සමග වැඩම කර     පිරිත් සජ්ජායනා කර පිරිත් පැන් ඉස එම වෘක්ෂය තුණුරුවනට බාර  භාර කිරීමෙන් අනතුරුවය.

සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ මාධ්‍යයට කීහ.

සත්‍යක්‍රිායවක නිරත වූ සිවිල් සංවිධාන

“ ඊයේ(10)  දින රාත්‍රියේත් කිසියම් පුද්ගලයකු පැමිණ මෙම ගසේ අතු කපාගෙන යන්න හැදුව . ඒවගේම  කෙමිකල් යොදා මෙම  ගස මරන්නත් මේ වෙද්දී උපක්‍රම යොදමින් තිබෙනවා . එවැනි තත්වයක් උදා වුනොත් මධ්‍යම පරිසර අධිකාරියත් පරිසර අමාත්‍යන්ශයත්  වනජීවී දෙපාර්තමේන්තුවත් ජනාධිපති සහ අගමැති වරයාත් වගකිවයුතුයි… “ ආනන්ද සාගර හිමියෝ වැඩිදුරටත් පැවසූහ. අනතුරුව මහා සංඝයා වහන්සේ  සහ සිවිල් සංවිධාන කිහිපයක සාමාජිකයින්ද එක්ව එම ස්ථානයේ සුළු වෙලාවක්  සත්‍යක්‍රියාවක්ද නිරතවුහ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

තිස්ස ජනනායක එතැනට වැඩම කළ හිමිවරුන් සමග

මේ අතර මෙම කෲඩිආ සෙලනිකා(crudia  zeylanica )    වෘක්ෂය බැලීම සඳහා එම ස්ථානයට පැමිණි උසස්පෙළ ජීව විද්‍යා ගුරුවරයකු වන තිස්ස ජනනායක  මෙසේ පැවසීය .

“ ජාතික අධ්‍යාපන ආයතනයෙන් ලබාදී ඇති   අපොස උසස්පෙළ ජීවවිද්‍යා සම්පත් පොතේ 8 වන ඒකකයේ තිබෙන පාරිසරික ජීව විද්‍යාව පාඩම යටතේ තිබෙන තොරතුරු අනුව මෙම කෲඩිආ සෙලනිකා කියන රනිල ශාකයත්  සම්පුර්ණයෙන්ම ලෝකයෙන් තුරන්වී ඇති බවට සඳහන් වෙනව. අප දරුවන්ට ඉගැන්නුවෙත් එහෙමයි .  නමුත් ලෝකයෙන්ම නෂ්ඨවී ගියා කියන මෙම ශාකය නැවත මෙසේ හමුවී ඇති එක හරිම පුදුම දෙයක් එහෙමනම්  මෙම පොතේ තිබෙන තොරතුරු වරදිවෙන්න ඕනේ .“

අපොස උසස්පෙළ ජීවවිද්‍යා සම්පත් පොතේ 8 වන ඒකකයේ කෲඩිආ සෙලනිකා කියන රනිල ශාකය සම්පුර්ණයෙන්ම ලෝකයෙන් තුරන්වී ඇති බවට වූ සඳහන

“ඉතින් ලෝකයෙන්ම නෂ්ඨවී ගියා කියන මෙම ශාකය නැවත තිබෙනවා නම් එක ලෝක උරුමයක් . එනිසා මෙය ආරක්ෂා කරගන්නවා කියන එක රජයක ප්‍රධානම කාර්යයක් වෙනවා .  මෙම ගස සංරක්ෂණය කරනවා කියන්නේ ලෝකයම  වෙනුවෙන්ම ආරක්ෂා කිරීමයි.“

“ දැනට භාවිතා කරන ඖෂධ වලින් බොහොමයක් නිෂ්පාදනය කරන්නේ ශාකවලින් . ඒ නිසා යම්දවසක මෙම කෲඩිආ සෙලනිකා ශාකයෙන් යම් වටිනා ඖෂධයක් නිපදවන්න හැකියාවක් තිබෙනවා කියා දැනගන්නට ලැබුනොත් එදාට මෙම ශාකය දකින්නට නොලැබුනොත් අපි එම ප්‍රයෝජනය ගන්නේ කෙසේද . එම නිසා ජෛව සම්පත් සුරැකීම කියන්නේ හෙට ලෝකයේ අනාගත පරම්පරාව වෙනුවෙන් රජය  මැදිහත්වී කල යුතු දෙයක්.“

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රංගජීවට වෙඩි තැබූ මධුෂ්ගේ ගෝලයා ඉන්දියාවේදී අතටම හසුවී මිදී ගිහින්

Next Post

පුච්චන තීන්දුව වෙනස් කරලා නෑ… විශේෂඥ කමිටුව කියයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.