නතාෂා නෙත්මිණි –
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් විශේෂඥ කමිටුව ලබා දී තිබෙන තීරණයන් කිසිදු වෙනසක් මෙතෙක් සිදුකර නොමැති බව එම කමිටුවේ සභාපති විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා සඳහන් කරයි.
විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් ලබා දී තිබෙන තීන්දු තීරණයන් දේශපාලන අධිකාරියට වෙනස් කළ හැකි අතර එයට විරෝධයක් පළ කිරීමට තම කමිටුවට හැකියාවක් නොමැති බව හෙතෙම පැවසිය.
කෙසේ නමුත් දේශපාලන තීන්දු මත තම කමිටුවේ මතය වෙනස් කර නොමැති බව විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා සඳහන් කළ්ය.