ලලිත් චාමින්ද –
රේගුවෙන් හා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් මෙම වර්ෂයේ ජුනි මස 30 වැනි දින වනවිට රුපියල් බිලියන 65.7ක හිග බදු මුදලක් අයවිමට ඇති බැව් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඇති ක්‍රම හා විධිකාරක සභා තෙවන වාර්තාවේ සදහන් වේ.
එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා රේගුවෙන් අයවිමට ඇති හිඟ බදු මුදල රුපියල් බිලියන 57.8කි. සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අයවිමට ඇති හිග මුදල රුපියල් බිලියන 7.9කි. දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ එකතුකළ හැකි හිග බදු මුදල ලෙස රුපියල් බිලියන 188ක් ඇති අතර මෙම මුදලින් රුපියල් බිලියන 47ක් එකතුකොට ඇති බවද මෙම වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම රුපියල් බිලියන 57ක මුදලක් හිඟ මුදල් කපා හැරීමෙන් අයකරගෙන ඇත. ඒ අනුව රුපියල් බිලියන 87ක් හිඟ බදු ලෙස අයවිමට ඇත.
දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ හිඟ බදු මුදල්වලින් රුපියල් බිලියන 29ක මුදලක් රජයේ ආයතනවලින් අයවීමට ඇති බවද මෙම වාර්තාවේ සඳහන් වේ.
දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් හිඟ බදු අයකරගැනිම සදහා බැංකු ගිණුම් අත්හිටුවිමේ නිවේදන 900ක් යවා ඇත.







