ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටද අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් (Krishna Srinivasan), ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෘවර් (Dr. Peter Breuer) ප්‍රමුඛ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහ IMF සාකච්ඡා සඳහා පත් කෙරුණු මෙරට නියෝජිත කණ්ඩායම ඊට එක්ව සිටිති.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ ඉලක්ක සපුරා ගන්නා අතරම ජනතාව මත පැටවෙන පීඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ගයන් ඔස්සේ එම අරමුණු වෙත ළඟා වීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.





