බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ අයවැයෙන් ලොකුම පුද්ලීකරණය කළ හැටි ජනපති කියයි… පුද්ගලීකරණය කළ වත්කම්වල ප්‍රමාණය බිලියන 500ට වැඩියි…  

by editor
නොවැම්බර් 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මේ අය වැයෙන් ලංකාවේ විශාලම පුද්ගලීකරණය සිදුකරන බවත්,     ඉඩම් සංවර්ධන පනත යටතේ ඉඩම් ලබාගත්  ගොවින්ටත්, සාමන්‍ය ජනතාවටත් මේ ඉඩම්වල සම්පුර්ණ සින්නක්කර අයිතිය ලබා දීම හා  රජයේ මහල් නිවාසවල සිටින පුද්ගලයන්ට නිවාස අයිතිය ලබා දීම මගින් එම පුද්ගලිකරණය සිදුකරන බවත් ජනාධිපතිවරයා පැවසුවේය.

මේ බව ජනාධිපතිවරයා පැවසුවේ  2024 රාජ්‍ය අය වැය පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා අද පස්වරුවේ ජනාධිපති ලෙකම් කාර්යාලයේ කැඳවා  තිබු රැස්වීමකට එක් වෙමිනි.

මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරමින් පුවත්පත් කතුවරුන් සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරු එක් වූ රැස්වීමේ දී ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

රටක් ලෙස ඉදිරියට යන විට රාජ්‍ය වියදම් සීමා කළයුතුයි. රාජ්‍ය වියදම් සීමා කිරීම වෙනුවෙන් තීන්දු තීරණ රැසක් අප මෙවර අයවැයෙන් ගෙන තිබෙනවා. ඒ වගේම මහ බැංකුවේ නීතිය අනුව අපට දැන් මුදල් මුද්‍රණය කිරීමට සහ බැංකුවලින් ණය ලබාගැනීම සිදු කළ නොහැකියි. ඒ වගේම ආණ්ඩුවට බාහිර වෙළෙඳපළින් ලබාගත හැකි ණයත් සීමා වී තිබෙනවා. මේ වන විට අපිට විශාල මුදලක් ණය වශයෙන් නැවත ගෙවීමට තිබෙනවා.

විශේෂයෙන් බෞද්ධ ආර්ථික දර්ශනය අනුව රජයේ වියදම් පාලනය කිරීමට අප කටයුතු කර තිබෙනවා. දැන් තිබෙන්නේ ආදායම් උත්පාදනය කර ගනිමින් ඉදිරියට යාමයි. අපේ රටේ මෙතෙක් පැවති ආර්ථික ක්‍රමය සාර්ථක වී නැහැ. 1972 සම්පුර්ණයෙන් සමාජවාදී ආර්ථිකයකට ගොස් 77දී ආර්ථිකයෙන් කොටසක් විවෘත කළා. ආර්ථිකය විවෘත කර රාජ්‍ය සංස්ථා ඇති කර රජයේ පාලනය යටතේ මෙය ඉදිරියට ගෙන යන්න බැහැ.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

සිංගප්පුරුව, මැලේසියාව වැනි දියුණු රටවල ආර්ථිකය අද සම්පූර්ණයෙන් රජයේ පාලනයෙන් ඉවත් කර තිබෙනවා. මේ අය වැයෙන් ලංකාවේ විශාලම පුද්ගලීකරණය අප සිදු කරනවා. ඒ තමයි ඉඩම් සංවර්ධන පනත යටතේ ඉඩම් ලබාගත්  ගොවින්ටත්, සාමන්‍ය ජනතාවටත් මේ ඉඩම්වල සම්පුර්ණ සින්නක්කර අයිතිය ලබා දීම. ඒ වගේම විශේෂයෙන්ම රජයේ මහල් නිවාසවල සිටින අයටත් ඒ අයිතිය ලබා දෙනවා.

රටේ ආර්ථිකය වෙනුවෙන් අපි රුපියල් බිලියන 500යි, ට්‍රිලියනයයි අතර වත්කම් ඇතුල් කර තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවාව අළෙවි කර, මේ සියලු සේවා වන් එකතු කළත් මෙපමණ මුදලක් ලැබෙන්නේ නැහැ. මේවායේ නිෂ්පාදන කටයුතු දැන් ඉහළ නැංවිය හැකියි. එය අප ගත් විශාල පියවරක් ලෙස මම දකිනවා. මෙය තමයි ලංකාවේ තිබෙන විශාලම පෞද්ගලීකරණය.

අපි කිසිදු අවස්ථාවක සාමාන්‍ය ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දුන්නේ නැහැ. අපි ෂ්‍රැංග්‍රිල්ලා හෝටලයට ඉඩම් අයිතිය දුන්නා. නමුත් සාමාන්‍ය ජනතාවට මෙය ලබා දුන්නේ නැහැ. දැන් එය සිදු කර තිබෙනව. අපි මහවැලිය ආරම්භ කළේ  එම ඉඩම් ජනතාවට ලබාදීමට. නමුත් සී කලාපයේ හෝ එච් කලාපයේ ඉඩම් ජනතාවට ලබා දීම සිදු කළේ නැහැ. දැන් මේ සියල්ල ජනතා අයිතියට පත් කර තිබෙනවා.

නව ආර්ථිකයක් ගොඩනැගීමේ වැඩපිළිවෙළ දැන් අප ආරම්භ කර තිබෙනවා. ඉතා තරගකාරී ආර්ථිකයක් හා  වෙළෙඳපොළක් අපට අවශ්‍ය නිසා RCEP සංවිධානය සමග මෙන්ම  ඉන්දියාව  සහ බංග්ලාදේශය සමගත් යුරෝපා සංගමය සමගත් අපේ වෙළෙඳපොළ පුළුල් කර ගැනීමට කටයුතු කරනවා. අපි තරගකාරී ආර්ථිකයක් බවට පත්විය යුතුයි. තරගකාරි නොවන ව්‍යාපාර තරගකාරී කර ගැනීමට සිදු වෙනවා. ඒ සඳහා අප වෙනම ආධාර ලබා දෙනවා.

ආර්ථිකය ගොඩනැගිමේ කෙටිකාලීන වැඩසටහන් ලෙස අප  කෘෂිකර්ම සහ ධීවර නවීකරණ වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. අපි කෘෂිකර්මය නවීකරණය කරනවා නම් රටේ විශාල කෘෂි ආර්ථිකයක් යළි ඇති කළ හැකියි.

ඒ වගේම සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම වැඩි කර ගැනීමට සහ මෙරටට පැමිණෙන සංචාරකයන් මිලියන 05 දක්වා වැඩිකර ගැනීමටත් අපි පියවර ගෙන තිබෙනවා. ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමේ වැඩපිළිවෙළද රජය දැන් ආරම්භ කර තිබෙනවා. කෘත්‍රීම බුද්ධිය ඇතුළු නව තාක්ෂණය සමග ඉදිරියට යාමට අප කටයුතු කර තිබෙනවා. මෙතෙක් ඒ පිළිබඳ අවධානය යොමුව තිබුණේ නැහැ.

මේ සියලු කටයුතු සඳහා අපට නව මානව සම්පතක් අවශ්‍යයි. අපේ අධ්‍යාපන ක්‍රමයේ පවතින අඩු පාඩු මගහරවා ගනිමින් නව අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම නව විශ්වවිද්‍යාල ඇති කිරීම සඳහා රජයේ වගේම රජයේ නොවන අංශවලටද අවස්ථාව ලබා දීමට නව නීති ගෙන එනවා. එම විශ්වවිද්‍යාලවලින් ගාස්තු අය කරනවා නම් ශිෂ්‍යයන්ට රජයෙන් සහන ණයක් ලබා දෙනවා. ඒ වගේම අතපසු වූ වෘත්තීය පුහුණු අංශය අලුතින් සංවිධානය කර මේ සිල්ල පළාත් සභා 09 යටතේ ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා.

පළාත් සභාවලට අපනයන ආර්ථිකය සඳහා සහාය දැක්විය හැකි අන්දමින්, පැවති සීමා ඉවත් කර තිබෙනවා. ඒ වගේම අපි නව රැකියා අවස්ථා සහ ආදායම් මාර්ග උත්පාදනය කරගත යුතුයි. අපි මෙම කටයුතු 2030 වන විට කළයුතුයි. ඊට වඩා කාලයක් අපට නැහැ. ඒ නිසා මෙම 2024 සිට නව ආර්ථිකය ගොඩනැගීමේ වැපිළිවෙළ අපි ආරම්භ කරනවා.

ඒ වගේම අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය ඉදිරිපත් කර තිබෙනවා. කොමිෂන් සභා ඇති කර තිබෙන අතර පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ගණනාවක් ආරම්භ කර තිබෙනවා. ඒවායේ වැඩකටයුතු ක්‍රියාත්මක වන අතර වාර්තා කිහිපයක් මට ලබා දී තිබෙනවා. ඒ අනුව විධායකයේ වැඩකටයුතුවලට පාර්ලිමේන්තුවේ සහාය හිමි වෙනවා.

එසේම දුෂණ විරෝධි පනත සම්මත කරගෙන තිබෙන අතර මතුව තිබෙන ප්‍රශ්න විසදා ගනිමින් ව්‍යවස්ථා දායක සභාවෙන් එම කණ්ඩායම් පත් කරන තෙක් මම බලා සිටිනවා.

ඒ වගේම අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ පරිදි “රජයේ පාලන විශ්ලේෂණය” ක්‍රියාත්මක කිරීමට අපට ලබා දී තිබෙනවා. එය සිංහල සහ දෙමළ භාෂාවෙන් ලැබුණු පසු එය රජය විසින් පිළිගෙන ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට භාර දෙනවා. එය ක්‍රියාත්මක වෙනවද කියා සොයා බැලීමට පාර්ලිමේන්තුවේ තව අධීක්ෂණ කමිටුවක් පත් කිරීමද අපේක්ෂාවයි. දුෂණය පිළිබඳ සෙවීමට මෙන්ම එය වැළැක්වීමට මේ තුළින් අප බලාපොරොත්තුවන බව කිවයුතුයි.

එමෙන්ම එක්සත් රාජධානිය සිදු කළ අන්දමින් පාර්ලිමේන්තු ප්‍රමිතින් පිළිබඳ කෙටුමපත ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබෙනවා.

රටේ දේශපාලන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බව පැවසුවා. ඒ වෙනස ඇති කිරීම වෙනුවෙන් අප මේ වන විට කරුණු දෙකක් ඉටු කර තිබෙනවා. රටේ පවතින දේශපාලන ක්‍රමය දෙස අවධානය යොමු කර  එය ඉදිරියට ක්‍රියාත්මක කරනවාද, නැත්නම් සංශෝධන අවශ්‍යද කියා සොයා බැලීමට මම කොමිෂමක් පත් කර තිබෙනවා. දේශපාලන පක්ෂ නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඒ නිසා දේශපාලන පක්ෂ පාලනය කරන්නේ කෙසේද හා මැතිවරණ නීති සහ මැතිවරණ වියදම් පාලනය කරන්නේ කෙසේද කියා සොයා බැලීම එමගින් සිදු කරනවා.

ඒ සමගම ජන සභා ක්‍රමය ඇති කිරීමට මම බලාපෙරොත්තු වෙනවා. එක වසරක් තුළ ක්ෂේත්‍ර කිහිපයක මෙම වෙනස්කම් සිදු කර තිබෙනවා. මෙවර අය වැය ඉදිරිපත් කර තිබෙන්නේ එම පසුබිම තුළ බව කිවයුතුයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බාල බෙහෙත සපයන සියලුම සමාගම් අසාධු ලේඛණයට… ඇමතිගෙන් තීරණයක්!

Next Post

පාර්ලිමේන්තුව විලිජ්ජාවට පත් කළ ඩයනාගේ සිද්ධිය ගැන සොයන්න පත් කළ කමිටුවේ වාර්තාව කථානායකට….

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.