අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෙහෙම කතා විදේශිකයෙකුගෙන් අහන්න වීම ගැන ලජ්ජා වෙන්න… රාජ්‍ය ඇමති අනූප පැස්කුවෙල් කොරියාවෙන් කන් පිරෙන්න අහගනී!

බොරු කීම වංචාව බොරු පොරොන්දු දීම ඔබේ සංස්කෘතිය වෙලා... කිසිවෙකුට කිසිම දෙයක වගකීමක් නෑ...

by editor
දෙසැම්බර් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ සහය ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට  ඊයේ (21) සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයට පැමිණි කොරියානු ආපදා සහන පදනමේ සභාපතිවරයා රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව විනාඩි 30ක් ප්‍රමාද වීම හේතුවෙන්  අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.

මෙම රැස්වීම විනාඩි 30ක් ප්‍රමාද කිරීම පිළිබඳව ලජ්ජා විය යුතු බවත් බවත් රජයේ නිලධාරීන් සහ ඇමතිවරුන් මීට වඩා වගකීමකින් වැඩ කළ යුතු බවත් ඔහු අවධාරණය කරමින් සිය නොසතුට පළ කළ බව වාර්තා වේ.

සු චෝ ලි   සිය අදහස් දැක්වීම කොරියානු භාෂාවෙන් සිදු කළ අතර එය පරිවර්තකයකු විසින් සිංහලයට පරිවර්තනය කරන ලදී. එහිදී ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ මෙවැනි ප්‍රමාදයක් දකුණු කොරියාවේ සිදු වූයේ නම් එවැනි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර විනය ක්‍රියාමාර්ග ගැනීමට පවා ඉඩ තිබුණා යනුවෙනි

“අපේ රටේ රැස්වීමකට විනාඩියක් පරක්කු වුණා නම් ඉවරයි. ඒක ලජ්ජා විය යුතු දෙයක්. ශ්‍රි ලංකාවේ ඒක අතිශය සාමාන්‍ය දෙයක් වෙලා. බොරු කීම බොරු පොරොන්දු දීම සාමාන්‍ය දෙයක් වෙලා. විදේශිකයෙක් ඇවිත් මේ දේ ශ්‍රි ලංකාව ගැන කීම පිළිබඳ ජාතියක් ලෙස ඔබ ලජ්ජා විය යුතුයි. දැන් මේ තත්ත්වය ඔබේ සංස්කෘතියක් බවට පත් වෙලා. මේක වෙනස් කර ගන්න බැරිවුනොත් බිස්නස් ඉවරයි. විදේශ සම්බන්ධතා ඉවරයි. මෙම් තත්ත්වය වෙනස් විය යුතුයි.“

“තවත් ඉතාම වැදගත් කාරණාවක් තමයි අප ඉතාමත් අවංකව සාධාරණ ව වැඩ කරන්න ඕන. අප සත්‍යවාදී විය යුතුයි.“

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“ඊළග කාරණාව තමයි තමන්ට යම් යුතුකමක් වගකීමක් පැවරී තිබෙනවා නම් ඒ වගකීම සියයට සියයක් අවංකව නිවැරදිව කළ යුතුයි. යම් කිසි වැඩක් බාර දුන්න නම් නම් ඒකට වගකියන්න අප දැන ගත යුතුයි. අපිට වෙලා තිබෙන්නේ ඒ පිළිබඳව වගකීමක් අපි බාර ගන්නේ නෑ. එවැනි වෙලාවක නිදහසට කරුණු කීම සාධාරනීකරණය කිරීම අපි සාමාන්‍ය දෙයක් කරගෙන. මට යම් වගකීමක් දීල තිබෙනවා නම් මගේ ජීවිතය කැප කරල හරි ඒක රක්ෂා කරන්න වැඩ කළ යුතුයි.“

“ශ්‍රි ලංකාවෙන් කොරියාවට ගිය සමහර තරුණයන් වැඩ කරන්නෙත් එහෙමයි. ඔවුන් වැඩ කරන තැන ප්‍රධානියා ඉන්නකොට යටහත් පහත්ව වැඩ කරනවා. ඔහු එතනින් ගිය ගමන් ඔහේ ඉන්නවා. එහෙම අය අප ඉවත් කරනවා. ශ්‍රි ලංකාවේ රාජ්‍ය නිලධාරීන් ඉන්නේ රජවරු වගේ. මේ රටේ ආකල්ප වෙනස් විය යුතුයි. ඒ සඳහා මේ රට් අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයි.“

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

“එබැවින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ සහ මිනිසුන්ගේ චින්තන රටාවේ වෙනසක් සිදුවිය යුතුයි” ලී වැඩිදුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුංචි ඡන්දය වැඩක් නෑ කියන්න මන්ත්‍රීවරු කණ්ඩායමක් පක්ෂවලට හොරෙන් ජනපති හම්බවෙන් ගිහින්!

Next Post

පාකිස්ථානය, ඉරානයෙන් තෙල් මිලදී ගන්න සූදානම් වෙයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.