ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තවත් සාකච්ඡාවක් අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සූම් තාක්ෂණය ඔස්සේ ජනාධිපති වික්‍රමසිංහ රැස්වීමට එක් වූ අතර දෙපාර්ශවය ධනාත්මකව අදහස් හුවමාරු කර ගත්හ.
විදුලි ගාස්තු සංශෝධය, සුරාබදු පනත ඇතුළු භාණ්ඩාගාරයෙන් අදාළ අමතර තොරතුරු ලබා දෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරන ලද ඉල්ලීමකට අනුව එම තොරතුරු ලබන සඳුදා වන විට ලබාදීමට මෙහිදී තීරණය විය.
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය උපදේශකවරු සහ නීති උපදේශකවරු ද අද රැස්වීමට එක් වූ අතර තවත් සාකච්ඡා වටයක් ලබන බදාදා (31) පැවැත්වීමට නියමිතය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා මණ්ඩලයේ ප්‍රධානී පීටර් බෲවර්, නියෝජ්‍ය ප්‍රධානී මසාහිරෝ නොසාකි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ටියුබගස් ෆෙරිදනස්ටියාවන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේ අවස්ථාවට එක් වී සිටියහ.







