බලාගාර ආශ්රිත ජලාශ වාන් දමමින් තිබුණත් එම බලාගාර ගණනක ජලය විදුලි උත්පාදනයකින් තොරව මේ වනවිට මුහුදට ගලා බසිමින් ඇති බව වාර්තා වේ.
මේ අවාසානාවන්ත සිදුවීම වන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ විද්‍යාත්මක පුරෝකථනයන් පිළිබඳව නොසලකා හිතා මතාම වැරදි තීන්දුවක පිහිටමින් සිදුකළ විදුලි මිල ඉහළ දැමීම නිසා සිදුවූ විදුලිය ඉල්ලුම අවම වීම ප්‍රධානකොට ගෙන බව බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ සංඛ්‍යා ලේඛන දත්ත සමගින් ජනාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇත.
හිතා මතාම වැරදි තීන්දුවක පිහිටමින් සිදුකළ මෙම විදුලි මිල ඉහළ දැමීම නිසා පාරිභෝගිකයන් අධික පීඩාවට පත්වුනා පමණක් නොව ලාභදායී ජල විදුලිය උපදවා අලෙවි කර ලබා ගත හැකිව තිබූ රුපියල් බිලියන 20ක ලාභයක් විදුලිබල මණ්ඩලය විසින් අහිමි කරගෙන ඇති බව ද එම පෙරමුණ ජනාධිපතිවරයා වෙත දන්වයි. ඔවුන් පෙන්වා දෙන්නේ මීට දෙමසකට පමණ පෙර සිදුකළ විදුලි බිල වැඩි කිරිම සිදුනොවුන ද විදුලිබල මණ්ඩලය අවම වශයෙන් බිලියන 10ක ලාභයක් මේ කාර්තුවේ දී උපයන බවය.
වර්ෂ 2023 ජූනි 30 වැනි දින මාස 06ක් සඳහා අනුමත කළ විදුලි ගාස්තුව සැප්තැම්බර් 4 වැනි දින යළි සියයට 18ක වැඩි කර මේ ව්‍යසනය සිදුකරගත් බව ද එම සංගමය පෙන්වා දෙයි.
මේ තත්ත්වය තුළ සොබා දහමේ ආශීර්වාදයක් සේ ලැබුණු වර්ෂාවෙන් මේ කාර්තුවේ අවම වශයෙන් ගිගාවෝට් පැය 300ක ජල විදුලි ප්‍රමාණයක් නිපදවා අලෙවි කිරීමෙන් ලබා ගත හැකිව තිබූ විශාල ලාභයක් විදුලිබල මණ්ඩලය අහෝසි කරගත් බවත් මේ වනවිට ජලාශ කීපයක ජලය විදුලි උත්පාදනයකින් තොරව වාං දමමින් ජලය මුහුදට එක් වන බවද එම සංගමය දන්වා සිටී.
සම්පූර්ණයෙන් අවිද්‍යාත්මක පුරෝකථන මත පදනම්ව විදුලිබල මණ්ලය සිදුකළ ජනන සැලසුමට අනුව නොවැම්බර් සහ දෙසැම්බර් සඳහා සියයට 26ක් ජල විදුලියෙන්ද 22 තෙල් දහනයෙන්ද සියයට 39 ගල් අඟුරු මගින්ද නිපදවීමට ඇස්මේන්තුගත කර තිබිණි.
මෙම 2023 වසර සඳහා ඇස්තමේන්තුගත නිෂ්පාදන වියදම දල වශයෙන් ජල විදුලිය කිලෝවොට් පැයක 01ක ඒකකයක් සඳහා වියදම් වන්නේ රු 3.ශත 35කි. ගල් අගුරු වලින් එක් ඒකකයක් නිපදවීමට වැයවන මුදල රුපියල් 35 කි. තෙල්වලින් නිපදවන ඒකකයක් වෙනුවෙන් වැය වන මිල රුපියල් 65කි.
ජල විදුලි ඒකකයක වියදම මෙන් දස ගුණයක් පමණ ගල් අගුරු මගින් ජනනය සදහා ද විසි ගුණයක පමණ වියදමක් තෙල් මගින් විදුලිය ජනනය සදහාද වැයවෙයි.
එහෙත් අද වන විට ඇද හැලෙන තද වැසි සමග රටේ විදුලිය අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවක් පමණ විදුලි ජනනය ආවරණය වන්නේ ජල විදුලියෙනි
ගල් අගුරු මගින් සියයට විසි හයක් සහ තෙල් දහනයෙන් සියයට දශම ගණනක් පමණක් විදුලිය නිපදවන බවට සාක්ෂි තිබේ.
මේ දිනවල විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් දොළහකට පමණ පහත ගොස් ඇත. එය පෙර විදුලි ඒකකයක සමස්ථ ඇස්තමේන්තු අගයෙන් තුනෙන් එකක් පමණි.
මේ අතිශය සාහසික වැරදි තීන්දුව හේතුවෙන් පාරිභෝගිකයන් මත මේ දැඩි විදුලි බර නොපටවා රුපියල් බිලියන 10කට වැඩි ලාභයක් ලැබීමට විදුලිබල මණ්ඩලය විසින් මගහැරීම පසුපස ඇත්තේ කුමන ආකාරයක බලවේගයක් දැයි විමසා බැලීමට වෘත්තිකයෝ ජනාධිපතිවරයා වෙත යෝජනා කරති.
එමෙන්ම මෙම මිල වැඩිකිරීම සිදුවන්නේ ගල් අඟුරු මිල ලෝක වෙළෙඳපලේ පසුගිය වසරට සාපේක්ෂව සියයට 70ක් අඩුවී තිබිය දී සහ බොරතෙල් මිලද සැලකිය යුතු ලෙස පහත වැටී විදුලිබිල අඩු වීමේ සාධක ගෝලීය වෙළෙඳපලේ අවධාරණය වෙමින් ඇති විටදී බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ කියයි.