අද (15) පෙරවරු 7ට කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් ආරම්භ කර සුලු මොහොතකින් පසු එන්ජිම ගිනි ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රියේ පිටුපස එංජිමේ ගින්න හටගෙන ඇති අතර කළුතර මහ නගර සභාවේ ගිනිනිවීමේ ඒකකය විසින් ගින්න මැඩපවත්වා තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
අදාළ දුම්රියේ සිටි මගීන් වෙනත් දුම්රියකින් මරදාන දක්වා රැගෙන ඒමට කටයුතු කර තිබේ. ගින්නට හේතුව පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. – දෙරණ







