මුලු දිවයිනම ආවරණය වන ආකාරයට අපරාධ වැළැක්වීමේ විශේෂ මෙහෙයුමක් දියත් කර ඇතැයි පොලිස්පති නිල කාර්යාලය පවසයි.
පසුගිය වසර තුළ දිවයින තුළ පැවති ආරක්ෂක තත්ත්වය හේතුවෙන් අපරාධ වැලැක්වීමේ මෙහෙයුම්වලට ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කිරීමට නොහැකි වූ බවත්, දිවයින පුරා නීති විරෝධි අවි ප්‍රවාහනය, මත් ද්‍රව්‍ය ප්‍රවාහන සැකකරුවන් නිදැල්ලේ හැසිරීම නිරීක්ෂණය වී ඇති බවත් ඒ හේතුවෙන් 12 වැනිදා සවස 06 සිට 15 සවස 06 දක්වාවව පුලුල් විධිමත් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි
උපරිම නිලධාරීන් පිරිසක් යොදවා මාර්ග ආවරණය වන පරිදි දිවා රාත්‍රි මාර්ග බාධක යොදවා අඛන්ඩ සෝදිසි මෙහෙයුම් පවත්වාගැනීම, අහඹු ලෙස තෝරා ගනිමින් මාර්ගයේ ධාවනය වන සෑම ආකාරයකම වාහන පරීක්ෂා කිරීම, අවශ්‍ය ආකාරයට හමුදාවේ සහාය ලබා ගැනීමට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා විසින් එම නිවේදනයෙන් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හරහා සියලුම වගකිවයුතු පොලිස් ප්‍රධානීන් වෙත දන්වා ඇත.