නතාෂා නෙත්මිණී –
මුල්ලේරියාව රෝහල තුළ එක් දිනකට පීසිආර් පරීක්ෂණ 2000ට ආසන්න සංඛ්‍යාවක් සිදුකිරීමට හැකියාව ලැබෙන බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය මුදිතා පෙරේරා සඳහන් කරයි.
චීන රජයෙන් මුල්ලේරියාව රෝහලට පරිත්‍යාගයක් ලෙස ලැබුණු නව ස්වයංක්‍රීය රොබෝ අත සහිත පීසීආර් යන්ත්‍රය මගින් දිනකට පීසීආර් පරික්ෂණ 1300ක් පමණ සිදු කිරීම පසුගිය සතියේ සිට ආරම්භ කළ බව ද ඇය සඳහන් කළාය.
රෝහලේ පැවති අනෙක් ස්වයංක්‍රීය පීසීආර් රොබෝ අත සහිත යන්ත්‍රය චීන ඉංජිනේරුවන් විසින් අලුත්වැඩියා කර ඇති නමුත් එය තබන මේසය අලුතින් සකස් කිරීම තවමත් නිමකර නැති බවත් එහි වැඩ තව දින දෙක තුනකින් නිමාවීමත් සමග එම යන්ත්‍රයද පරික්ෂණ කටයුතු සඳහා යොදවන බවත් ඇය පෙන්වා දුන්නාය.
ඒ අනුව යන්ත්‍ර දෙක මගින් දිනකට පීසීආර් පරීක්ෂණ 2000ට ආසන්න සංඛ්‍යාවක් සිදුකළ හැකි වනු ඇතැයි ද ඇය සඳහන් කළාය.
ස්වයංක්‍රීය රොබෝ අත් සහිත යන්ත්‍ර ලංකාවට ඇත්තේ හතරක් පමණක් වන අතර ඉන් යන්ත්‍ර දෙකක්ම මේ වන විට මුල්ලේරියාව රෝහලේ පවතින බවත් අනෙකුත් පීසීආර් යන්ත්‍රයක මෙන් හතර ගුණයක ධාරිතාවයෙන් මෙම යන්ත්‍රය ක්‍රියා කරන බවත් වෛද්‍ය මුදිතා සඳහන් කළාය.