අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හන්තානේ අක්කර සීයක් බිරිඳට දුන් ඇමතිගේ තොරතුරු හෙට එළියට

කෘෂිකර්ම අමාත්‍ය අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී කියයි

by Lanka Sara Editor
නොවැම්බර් 30, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • වර්ග අඩිය 183 ක් වන ඩාලි පාරේ ඉඩමක් රුපියල් 13ට දීලා
  • තේ අක්කර 500ක් ෆැක්ටරියක් සහ විදුලි බලාගාරයක් සමග මසකට 8000යි
  • කුණු කොල්ලෙට ලබාදුන් දේපළ 150ක තොරතුරු  හෙට සභාගත කරනවා

පසුගිය රජයේ හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍යවරයකු ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් මහනුවර හන්තාන වත්තේ අක්කර සියයක් තමන්ගේ බිරිඳගේ නමට ලබා දී ඇති බවත් එම ඉඩම් ලබා දී ඇත්තේ කිසිදු රජයේ තක්සේරුවකට අනුව නොවන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

ජනවසමට සහ රාජ්‍ය වැලි සංස්ථාවට අයත් දේපළ 150ක් මේ අයුරින් පසුගිය රජය සමයේ කිසිදු තක්සේරුකරණයකින් ටෙන්ඩර් කැඳවීමකින් තොරව විවිධ පුද්ගලයන් අතට ලබා දී ඇති අතර මේ දේපළ පිළිබඳ සියලු තොරතුරු නම් ගම් සහිතව හෙට දිනයේ දී පාර්ලිමේන්තුවේ සභාගත කරන බවද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද උදෑසන අයවැය විවාදයේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු දෙන අවස්ථාවේ දී විපක්ෂ මන්ත්‍රි වේලු කුමාර් මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අලුත්ගමගේ අමාත්‍යවරයා තවදුරටත් පැවසූයේ ඉතා අඩු තක්සේරු වටිනාකම්වලට දේපළ කුලියට ලබා දී ඇති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කොළඹ ඩාලි පාරේ හැටන් නැෂනල් බැංකුව ඉදිරිපිට දේපළක් පෞද්ගලික අංශයට වර්ග අංශයට ලබා දී ඇත්තේ රුපියල් 13කට බවත් එය රජයේ තක්සේරු වටිනාකම වර්ග අඩියකට රුපියල් 183ක් වන බවද ඔහු සඳහන් කළේය. එසේම නාවලපිටියේ අක්කර පන්සියයක තේ වත්තක් තේ කර්මාන්ත ශාලාවක් සහ මෙගවොට් දෙකක ක්ෂුද්‍ර විදුලි බලාගාරයක් මාසයක රුපියල් 8000කට බද්දට ලබා දී ඇති බව ද හෙළි කළේය.

තමන් අමාත්‍යවරයා ලෙස මෙම ගිවිසුම් සියල්ල අවලංගු කිරිමට කටයුතු කළ බවද සඳහන් කළ අතර පසුගිය වසර හතක කාලය තුළ ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ රාජ්‍ය වැවිලි සංස්ථාව පාඩු පිට පවත්වාගෙන ගිය අතර ජනවසම සේවකයන්ට වැටුප් පවා ගෙවන්නට සිදුව තිබුණේ රජයෙන් බවය.

මේ වනවිට භාණ්ඩාගාරයෙන් මෙම ආයතනවල ශත පහක්වත් නොගන්නා බව පැවසූ අමාත්‍යවරයා මෙම වසරේ දෙසැම්බර් 31 වනිදා වනවිට වනවිට මෙම ආයතන ලාබ ලබන තත්ත්වයට පත් කිරීමට හැකිවන බවද අමාත්‍යවරයා තවදුරටත් එහිදී සඳහන් කළ අතර ඊට හේතුව ලෙස ඔහු පේනවා දුන්නේ මෙම ආයතනයවල සභාපතිත්වයට ජනාධිපතිවරයා විසින් නිසි දැනුමැති සුදුසුකම් සහිත පුද්ගලයන් පත් කිරීම නිසා බව සඳහන් කළේය.

ඔහුගේ ප්‍රශ්න පිළිතුර අවසානයේ ජාතික සමගි ජන බලවේගයේ පාර්ලිමේනතු මන්ත්‍රී හේෂා විතානගේ තම ආණ්ඩුව ඉක්මනට ගෙදර යාමට දායක වූ එවැනි ඇමතිවරුන් සහ අදාල දේපළ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් සභාගත කරන ලෙස ඉල්ලා සිටි අතර මහින්දානන්ද අමාත්‍යවරයා  එහිදී  ප්‍රකාශ කළේ මෙම සියලු තොරතුරු සවිස්තරව හෙට දිනයේදී සභාගත කරන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආදාහයනට විරෝධය පා ඥාතීන් කොවිඩ් මල සිරුර පේරාදෙණිය රෝහලේ අත්හැර ගිහින්…

Next Post

මුල්ලේරියාව යළි උපරිම ධාරිතාවයට … දිනකට පී.සී.ආර්. 2000ක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.