මහර බන්ධනාගාරයේ තත්වය පැය 18ක් යනතුරුත් නොසන්සුන් වීමත් තත්වය පාලනය කර ගත නොහැකි වීමත් මත රැඳවීයන්ගේ ඥාතීහු බන්ධනාගාරය අසල රැස් කමින් සිටියහ.
තම ඥාතීන්ට සිදුවන්නේ කුමක‍්දැයි දැන ගැනීම සඳහා රැස් වී සිට ඥාතීහු විටෙක හඬා වැටුනහ. මෙසේ පැමිණ සිටි වැඩි පරිසක් කාන්තාවෝ වූහ. අයෙක් ළදරුවන් වඩාගෙන පැමිණ සිටියහ.
මේ අතර මේ ආවේගශීලී පිරිස හා පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වෙමින් තිබිණි. අවට ආරක්ෂාව තර කර තිබිණි. මේ වනවිර මහර සිටි කොවිඩ් ආසාදිත රැඳවියන් 126 දෙනෙක් වැලිකඩ කාන්තා වාට්ටුව හිස් කර එයට ඇතුළත් කර ඇත. බන්ධනාගාරය අවට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා විශේෂ ආරක්ෂා තර කිරීමක් සිදුකර තිබේ.
මේ අතර මත්ද්‍රව්‍ය චෝදනා මත රඳවා ඇති මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් සිව් දෙනෙක් සිය නඩු කටයුතු ඉක්මන් කරන සේ ඉල්ලමින් බන්ධනාගාරයේ වහල මත නැගී උද්ඝෝෂණයක් අරඹා තිබේ.