දිනසේන රතුගමගේ –
යුද්ධයේදී මියගිය පිරිස සැමරීම සදහා මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී උත්සව රැසක් 10 වෙනිදා සිට 18 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
දෙමළ දේශපාලන පක්ෂ, යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමය හා තවත් ස්වෙච්ඡා සංවිධාන කීපයක් විසින් මෙම උත්සව සංවිධානය කොට තිබේ.
ඒ අනුව යුද්ධයේ අවසන් කාලයේදී මුලතිව්වලට කොටු වූ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් කැඳ පානය කිරීමෙන් ජීවිතය ගලවා ගත් ආකාරය යළි සිහිපත් කරමින් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී කැද බෙදා දීම් ආරම්භ වන අතර එම කැද දන්සැල් 15 වෙනිදා දක්වා පැවැත්වේ.
අවසන් උත්සවය මැයි මස 18 වෙනිදා මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව ඇති අතර එම අවස්ථාවට යුද්ධයේදී මියගිය පිරිස්වල ඥාතීන් හා තවත් විශාල පිරිසක් සහභාගී වීමට ද නියමිතය.
එම උත්සවයේදී යුද්ධයෙන් මියගිය පිරිස සමරා පහන් දැල්විමටත් තවත් සැමරුම් කීපයක් සිදු කිරීමටත් සංවිධායකවරු පියවර ගෙන තිබේ.