දිනසේන රතුගමගේ –
මුලතිව් ස්වාමීතෝට්ටම් ප්‍රදේශයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් ගණකාධිකාරීවරයෙකු තුවාල ලබා 25 දා දහවල් මුලතිව් රෝහලට ඇතුළත් කොට තිබේ.
මෙම ගණකාධීකාරීවරයා සිය ගෙවත්තේ කුණු කසල ඉවත් කොට ස්වාමීතෝට්ටම් නැමති කිසිවෙකු පදිංචි නොමැති පොල් වත්තකට දමා ගිනි තබා ඒ අසල සිටියදී මේ බෝම්බය පිපිරී ගොස් තිබේ.
බෝම්බය පිපිරීමෙන් තුවාල ලැබූ ඔහුව මුලතිව් රෝහලට ඇතුළත් කොට තිබේ.
සිද්ධියත් සමගම මුලතිව් පොලීසියේ නිලධාරීන් හා යුද හමුදාව බෝම්බය පිපිරී ගිය ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.