බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වී මෝල්ලු වෙළෙඳ ඇමතිවත් අන්දවලා… මාස දෙකකින් සහල් ඉවරයැයි ඇමති කියන කතාව බොරු…..

කෘෂිකර්ම අමාත්‍යාංශ භෝග පුරෝකථන වාර්තාව ඇත්ත හෙළි කරයි...

by editor
ජූනි 25, 2021
in පුවත්
rice-warehouse
Share on FacebookShare on Twitter

රට තුළ පවතින්නේ තව මාස දෙකක් සඳහා ප්‍රමාණවත් සහල් පමණක් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

පාරිභෝගික අධිකාරිය විසින් පසුගිය සතියේ නිකුත් කළ චක්‍රලේඛයකට අනුව රටේ සියලුම සහල් මෝල් හිමියන්ගෙන් ලබා ගත් තොග පිළිබඳ දත්ත පදනම් කරගෙන මේ බව පැවසූ අමාත්‍යවරයා කියා සීටියේ ඉදිරියේ දී ඇතිවීමට නියමිත සහල් හිඟය මගහරවා ගැනීම සඳහා කඩිනමින් සහල මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කටයුතු යොදන බවය.

එහෙත් ලංකාසරට ඊයේ (24) විශේෂ හෙළිදරවුවක් කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පෙන්වා දුන්නේ පසුගිය මහ කන්නයේදී මෙරට සමස්ත වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 3.12ක් බවත් මෙම වී අස්වැන්නෙන් නිෂ්පාදනය කළ හැකි සහල් ප්‍රමාණය මාස 10කට මෙරට පරිභෝජනය සඳහා ප්‍රමාණවත් බවත්ය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විද්‍යානුකූලව හෙළිකරන ඒ කතාව මෙසේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහල් නිෂ්පාදනය පිළිබඳව බෝග පුරෝකථන වාර්තාවලට අනුව මහ කන්නයේ හෙක්ටයාර් 802494ක් වගා කර ඇති අතර එය ඉලක්ක ගත ප්‍රමාණයෙන් සියයට 94කි.

මෙම බිම් ප්‍රමාණයෙන් දළ වශයෙන් මෙට්‍රික් ටොන් මිලියන 3.12ක අස්වැන්නක් ලැබී ඇති අතර එයින් මෙට්‍රික් ටොන් මිලියන 1.97ක් එනම් ටොන් ලක්ෂ 20කට ආසන්න සහල් ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකිය.

මෙම අස්වැන්න සඳහා රජයෙන් රුපියල් 52ක සහතික මිලක් නියම කළ අතර මෙවර රජයද තරගකාරී ලෙස වී මිලදී ගැනීමට පෙලඹුණු නිසා පෞද්ගලික මෝල් හිමියන් එම සහතික මිලෙන් ඉහළ මිලකට වී මිල දී ගැනීමට කටයුතු කළේය.

සාමාන්‍යයෙන් මෙරට මාසික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 194,500ක් පමණ වන බවට ගණන් බලා ඇති අතර මේ අනුව පසුගිය මාර්තු අප්‍රියෙල් මාසයේ ලබා ගත් මහ කන්නයේ අස්වැන්න සාමාන්‍යයෙන් ලබන පෙබරවාරි මාසය දක්වා ප්‍රමාණවත් වන බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර යළ කන්නයේද අස්වැන්න ද කැපෙන්නේය. මේ අනුව සැලකීමේදී මෙරට මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් සහල් තොග රැස් කර ගනිමින් සිටිනවා පමණනක් නොව රටේ වෙළෙඳ අමාත්‍යවරයා ඉල්ලූ විට ව්‍යාජ සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරන බවක් පෙනී යන්නේ යැයි එම ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.

ඔවුන් කියන්නේ මේ සහල් අපනයනය නොකළ බවත්, සත්ත්ව ආහාර සඳහා නොගත් බවත් ඒවා පවතින්නේ මේ රට තුළම බවත්ය.

මේ වී තොග මිලදී ගත් මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිප දෙනෙක් මේ වී සහල් කර එම සහල් තොගයෙන් වැඩි ප්‍රමාණවයක් රඳවාගෙන සිටින බව එම ආරංචි මාර්ග තහවුරු කළේය.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

හමුදා ට්‍රක් රථයක් පෙරළී සෙබලුන් දෙදෙනෙක් එතැනම මිය යති … 4කට අසාධ්‍යයයි…

Next Post

මුලතිව් ගෙවත්තක බෝම්බයක් පිපිරේ… ගණකාධිවරයෙකුට තුවාල….

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.