සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් ලෝක බැංකු ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර කොවිඩ් ව්‍යාපෘති අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත් කර ඇත.
ඔහුව එම තනතුරෙන් හදිසියේම ඉවත් කර ඇත්‌තේ කිසියම් පුද්ගලයෙකුගේ අනිසි බලපෑමක් මතද යන්න පිලිබඳව සැකයක් මතුව ඇති බැවින් ඒ සම්බන්ධව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් කල විමසීමේදී ඔහු සදහන් කළේ ජයසුන්දර බණ්ඩාරගේ ඉවත් විම සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවකි.
ඇතැම් විට එම ව්‍යාපෙෘතිය සඳහා ඔහුට ලබා දි ඇති කාලසීමාව නිමාවිම, එසේත් නොමැති නම් ව්‍යාපෘතිය නිම වී තිබිම විය හැකි නමුත් තමා ඒ සම්බන්ධයෙන් දැනුවත් නොමැති බවත් අදාල ව්‍යාපෘතිය සෞඛ්‍ය ලේකම්වරයා යටතේ පවතින්නක් බවද ඔහු පැවසීය.