සදෙව් රත්නායක –
තමිල්නාඩුව උණුසුම් කළ 800වීර කාව්‍යයේ මුරලිගේ භූමිකාව විජේ සේතුපති රඟ දැක්වීමේ ආන්දෝලනාත්මක සිදුවීම නිමා කරමින් ඔහු එම චිත්‍රපටයෙන් ඉවත්වීමට තීරණය කළ බව ඉන්දීය වෙබ් අඩවි වාර්තා වාර්තා කළේය.
ඔහු මේ තීරණය ගෙන ඇත්තේ මුරලිදරන්ගේම ඉල්ලීමකට බව පැවසේ. සිනමාවේ අනාගතය ගැන සිතා ඉන් ඉවත්වන්නැයි දෙමළ බසින් ලිපියක් යොමු කරමින් මුරලිදරන් ඔහුට කියා ඇත.
එම ලිපිය විජේ සිය ට්විටර් පිටුවෙ පළ කරමින් “නන් රි.. වනක්කම්” කියා ප්‍රතිචාර දක්වා තිබේ.








