පාකිස්ථානය විසින් 2008 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වූ සාජිඩ් මීර් හට හොර රහසේම සිරඳඩුවම් ලබාදීමට පියවරගෙන ඇති බවට වාර්තාවේ.
ඉන්දියාවේ මෙන්ම ලෝකයමට විශාල තර්ජනයක් එල්ල කළ මුම්බායි ප්‍රහාරය ඉන්දීය ඉතියහාසයේ එරටට එල්ලවූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සඳහන්වේ. මෙම ප්‍රහාරයට වක්‍රව පාකිස්ථාන රජයේ සහයද ලැබී තිබුණ බවට චෝදනා එල්ලවිය.
ඊට හේතුවූයේ එම ප්‍රහාරය එල්ල කළ ලක්ෂාර් ඊ ටයිබා සංවිධානයේ සාමාජිකයින් පාකිස්ථාන හමුදාව විසින් පුහුණ කළ බවටද පසුගිය කාලපුරාවටම චෝදනා එල්ලවිය.
ඒ අනුව එවන් පසුබිමක් තුල පාකිස්ථානය විසින් හදිසියේම මෙම ත්‍රස්ත සාමාජිකයා අත්අඩංගුවට ගෙන සිරගත කිරීම පිටුපස යටි අරමුණක් පවතින බවද බහුතරයක් විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
එහිදී ඔවුන් පෙන්වා දෙන කාරණය වන්නේ මේවන විට ජාත්‍යන්තර වශයෙන් පාකිස්ථානය විසින් ත්‍රස්ත සංවිධානය වලට අරමුදල් ගලා ඒම වැලැක්වීමට නිසි ක්‍රමවේදයක් යොදා නොමැති බවට එල්ලවෙන චෝදනාවන්ය.
මෙහිදී බහුතරයක් පාකිස්ථාන මූල්‍ය ආයතන වලට ජාත්‍යන්තර වශයෙන් හිමිව ඇත්තේ ඉතාම අඩු පිලිගැනීමකි. ඊට හේතු වී ඇත්තේ පසුගිය කාලය පුරාම පාකිසථාන මුල්‍ය ආයතන හරහා ත්‍රස්ත සංවිධාන වලට මුදල ගලා ඒමයි. එහිදී පාකිස්ථාන රජය හෝ මූල්‍ය පද්ධය නියාමනය කරනු ලබන ආයතනය විසින් ත්‍රස්ත සංවිධාන වලට අරමුදල් ලැබීම වැලැක්වීමට ක්‍රියා නොකරීමට ඇමරිකාවේ දී දඩ මුදල් ගෙවීමටද සිදුවිය.
එවැනි පසුබිමක් තුල මේවන විට පාකිස්ථානයට ජාත්‍යත්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමට නොහැකි තත්ත්වයක්ද නිර්මණය වී තිබේ.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය ආයතන වල විශ්වාසය දිනා ගැනීමට මෙම සිරගත කිරීම කර ඇති බවට බහුතරයක් දෙසා විශ්වාස කරනු ලබයි.
මෙහිදී ඒ සම්බන්ධයෙන් පාකිස්ථානය තුල දැඩි ප්‍රසිද්ධයක් ලබානොදීමට පියවරගෙන තිබීමෙන් පෙනීයන්නේ එය එරට ජනතාව සන්නිවේදනය වීමෙන් යම් උණුසම් තත්ත්වයක් ඇති වීමට වැලැක්වීමට උත්සහ කර ඇති බවයි.