ඉන්දියාවේ අධ්‍යාපන සහ කුටුම්භ වලට ආර්ථික තත්ත්වය පසුගිය කාලයේදී සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට නවතම වර්තාවකින් අනාවරණය වේ.
ඒ් අනුව පසුගිය කාලයේදී ඉන්දියාව තුල දර්ද්‍රතාවයෙන් පෙළෙන පිරිසගේ සීඝ්‍ර පහළ යෑමක්ද වාර්තාවන බව අදාල වාර්තාව මගින් පෙන්වා දී ඇත. මෙලෙස ඉන්දියාවේ ජීවන තත්ත්වය ඉහළයාමට වර්තමාන රජය විසින් ගෙන ඇති සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල විශාල දායකත්වය ලබාදී ඇති බවද ඒම වර්තාවේ දැක්වේ.
ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ විද්‍යාත්රයෙක් වන ආචාර්ය බිබෙක් ඩෙබ්රෝයි විසින් ඉන්දියාවේ අසමානතාවය සම්බන්ධයෙන් මෙම වර්තාව සකස් කර තිබිණි. ඔහු ඉන්දීය අග්‍රමාත්‍ය නරෙන්ද්‍ර මොද්ගේ ආර්ථික උපදේෂණ කවුන්සලයේ සභාපතිවරයාද වේ.
මෙම වාර්තාව මගින් ඉන්දියාවේ සෞඛ්‍ය, අධ්‍යාපන, ගෘහ යන් ක්ෂේත්‍ර පදනම් කරගෙන සකස්වී ඇත. ඒමගින් ඉන්දියාවේ පවතින ආර්ථික සහ වෙනත් විශමතා සම්බන්ධයෙන් ඉතා ගැඹුරු අධ්‍යනයක් කර ඇති බවට බටහිරි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
අදාල වාර්තාව උපුට දැක්වූ මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ 2019ත් 2020 ත් අතර කාලයේදී ඉන්දියාවේ පාසල්වල වැසිකිලි පහසුකම් සියයට 95කින් ඉහළ ගොස් ඇති බවයි. මෙම වැසිකලි වලින් සියයට 96ක්ම ගැහැණු ළමුන් සඳහාම නිමවූ වැසිකිලි වීමද විශේෂත්වයකි.
මීට දශයකට පමණ පෙරද ඉන්දියාව තුල භවිතයට ගැණෙන වැසිකිලි සංඛ්‍යාව ඉතාම අවම මට්ටමක පැවති අතර පාසල් තුල වැසිකිලි පහසුකම් ඉතාම අඩු මට්ටමක පැවතිනි. එම තත්ත්වය විශාල සමාජ ගැටලුවක්ව පැවතිනි අතර ඒ් සම්බන්ධයෙන් ජාත්‍යත්ර වශයෙන්ද විශාල කතාබහට ලක්විය.
මේවන විට ගෝවා, තමිල් නාඩු, චන්දීගර්, නව දිල්ලි, ඇතුලු ප්‍රදේශ රැසකම වැසිකිලි පහසුකම් සියයට සීයකින්ම ඉහළගොස් ඇති බවටද අදාල වර්ථාවෙන් පෙන්වා දී ඇත.
ඒ් අනුව මේවන විට ඉන්දියව මානව සංවර්ධන දර්ශකයේ ඉතා ඉහළ මට්ටමක පැමිණෙමින් පවතින බවද විශ්ලේෂකයින් පවසයි.