මුතුරාජවෙල තෙත් බිම් රක්ෂිතය ගිනි ගත්තේය. මහා ගින්නක් බුරබුරා පැතිරෙන්නට වූයේය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීම අනුව ගුවන් හමුදාව ගින්න මැඩ පැවැත්වීමට පැමිණියේය.
![](http://lankasara.com/wp-content/uploads/2022/08/WhatsApp-Image-2022-08-27-at-10.21.43-AM.jpg)
විශේෂ ජල බහාලුමක්වන බම්බි බකට් එකක් ( Bambi Bucket ) සහිත අංක 4 බලගණයේ බෙල් 412 හෙළිකොප්ටරයක් මෙහෙයුම සඳහා කටුනායකින් පිටත් විය. මෙම ජල බහාලුමේ ධාරිතාවය ලීටර 960කි. මෙහෙයුම ක්‍රියාත්මක වූයේ ඊයේ (26) සවසය.
![](http://lankasara.com/wp-content/uploads/2022/08/WhatsApp-Image-2022-08-27-at-10.21.46-AM.jpg)
මෙම ජල බහාලුම් 22ක් ගුවනේ සිට ගින්න මත මුදා හැරිනි. මෙහෙයුමට අතිරේක සහාය ලබා දීමට ගිනි නිවන රථ සහ ගිනි නිවන භටයන් භූමියේ සිටියේය.
![](http://lankasara.com/wp-content/uploads/2022/08/WhatsApp-Image-2022-08-27-at-10.21.44-AM-1.jpg)
මීට අමතරව, තත්වය නිරන්තරව අධීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන ස්ථානගත කර ඇත.
මේ ඒ් මෙහෙයුම සිදුවූ ආකාරයයි….