මත්දුව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු බන්ධනගාර රැඳවියන් පිරිසකට විශේෂ වරප්‍රසාද සැපයීම ඇතුළු නීති විරෝධී ක්‍රියා රැසකට සම්බන්ධ බවට චෝදනා ලද, වැඩ තහනමට ලක්වූ මීගමුව බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ අද කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව තිබේ.මේ පිළිබඳව විමර්ශණය කළ මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායමට ඔහු මෙසේ බාර වුණු අතර මීගමුව මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිත් කිරීමට නියමිතය.
සැකකාර බන්ධනාගාර අධිකාරිවරයා කුරුණෑගල ප්‍රදේශයේ දේශපාලකයකුගේ රැකවරණය ලබමින් සිටින බවට වාර්තා වුණු අතර ඔහු අත්අඩගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක්ද ගොනු කොට තිබුණි. කෙසේ වුවද නීතිපතිවරයා ගේ ඉල්ලීම මත මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්ද නිකුත් කර තිබියදී ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම පිළිබඳව දැඩි ආන්දෝලනයක් රට තුළ ඇති විය.