කුරුණෑගල ප්‍රදේශයෙදී පොලීසියට බාරවීමෙන් පසුව අත්අඩංගුවට ගත් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.
ඒ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහායි.
දින 11 ක් තිස්සේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව මග හරිමින් සිටි සම්පායෝ මීගමුව බන්ධනාගාරයේ ඇතැම් රැදවියන්ට සැප පහසුකම් සැපයීම සම්බන්ධයෙන් තවත් නිලධාරීන් 3 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ලබා සිටියහ.
සෙසු නිලධාරීන් තිදෙනා මීට පෙර පොලිසියට භාර වී තිබුණි.







