මීගමුව කච්චේරිය ආසන්නයේ දී සිදුකළ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලද පුද්ගලයෙක් රෝහල්ගත කර තිබේ.
ඩියෝ වර්ගයේ යතුරු පැදියකින් පැමිණි ඝාතකයින් අදාල වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ.
වෙඩි ප්‍රහාරයට ලක් වී ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මත් කුඩු ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙක් බව පොලිසිය සැක කරයි.
විමර්ශන ආරම්භ වී ඇත.







