ස්වාමීන්වහන්සේලා සහ ඇතැම් මාධ්‍ය මිහින්තලේ නායක හාමුදුරුවන් වනචාරියා ලෙස හඳුන්වන්නේ කුමණ හේතුවක නිසා දැයි තමන් කල්පනා කරන බවත් තමන් හෝ ලාල් කාන්ත ඇමතිවරයා උන්වහන්සේ ඉලක්ක කරගෙන වනචාරියා යැයි නොකී බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
ඔහු කීවේ තමන් ඉපදුන මිහින්තලේ තමන් ගේ ඡන්ද දායකයින් හැත්තෑපන් දහසක් පමණ සිටිනා විට ලාල් කාන්ත ඇමතිවරයා වනචාරියා යැයි කියන්නේ නිශ්චිත වශයෙන්ම මිහින්තලේ නායක හාමුදුරුවන්ට බව උපක්ලපනය කිරීම පුදුමයක් බවද ඇමති වරයා පැවසුවේය.
ඔහු මාධ්‍ය වේදියෙක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මෙසේ පැහැදිලි කළේය.
“ලාල් කාන්ත ඇමති තුමාවත් මමවත් මේ චෝදනාව කාටවත් කරලා නෑ නේ. එතුමා මිහින්තලේ වනචාරියෙක් කිව්වා. ඒතුමාගේ ගමත් මිහින්තලේ. හැත්තෑ පන් දහසක් ඡන්ද දායකයො ඉන්නවා මිහින්තලේ. කාටවත් කිව්වෙ නෑ මෙයා තමයි වනචාරියා කියලා.
ඔබ තමයි කියන්නේ. ඔබ තමයි දැන් දෙසරයක් කියන්නේ අහවල් හාමුදුරුවන්ට තමයි මේ කියන්නෙ කියලා. ලාල් කාන්ත ඇමති තුමා නම කිව්වෙත් නෑ. මම නම කිව්වෙත් නෑ. ඔබ තමයි ඒ් නම කියන්නේ. ඔබ කොහොමද කියන්නේ ලාල් කාන්ත ඇමති තුමා උන්වහන්සේටමයි කිව්වෙ කියලා.
ඔබ අහන ප්රශ්නය ලාල් කාන්ත ඇමති තුමා හම්බවුනාම අහන්න. අවුරුදු 18ට වැඩි පුරවැසියො හැත්තෑ පන් දාහක් ඉන්න ආසනයක කවුරු වනචාරියා වෙනවා ද කියලා මම නම් දන්නේ නෑ. ඔබ දනවා නම් ඔබ තමයි කියන්න ඔ්න අහවල් කෙනාට කියලා.
මහා සංඝරත්නය ඒ් ගැන හෙලා දකිනවා. ඒහෙම වෙන්නේ කොහොමද? මාධ්‍ය ඇසූ ප්‍රශ්නයට නලින්ද ජයතිස්ස ඇමතිවරයා මෙසේ උත්තර දුන්නේය.
“මමත් පුදුම වුනා මහා සංඝරත්නය මිහින්තලේ නායක හාමුදුරුවන්ව ඒ්කට පැටලුවෙ ඇයි කියලා. තමන්ට කිව්වා කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් නඩු පවරන ඒකයි හොඳ. මමත් ආයෙ ආයේ ඇහුවා. කොයි වෙලාවකවත් ලාල් කාන්ත ඇමති තුමා කියන්නේ නෑ මේ කෙනාට තමයි කිව්වෙ කියලා. ඒහෙම වුනාම කොහොමද කියන්නේ අහවල් කෙනාට තමයි කිව්වෙ කියන එක.” ඇමතිවරයා කීවේය.







