ඉන්ධන මිල අඩු කළ හැකි එකම විකල්පය ආනයනය සීමා කර, බදු අඩුකර, මිල පැවති තත්වයට ගෙනැවිත් සලාක ක්‍රමයක් යටතේ බෙදා දීම පමණක් බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල ප්‍රකාශ කර ඇත.
පැවති මිලට ඉන්ධන දීමට අවශ්‍ය නම් එම සලාක ක්‍රමය සකස් කීරීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ද ඉකුත් සතියේ දී ඔහු කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇතැයි වාර්තා වේ.
ඇමතිවරයා මෙහි දී දක්වා තිබුණේ මිල වැඩිකිරීමට බලපෑ ප්‍රධානම සාධකය ඩොලර් හිඟකම මිස වෙනත් කාරණාවක් නොවන බවය.
පවතින තත්වය හමුවේ ආශ්චර්යන් පහළ කළ නොහැකි බවත් ඇමතිවරයා පෙන්වා දී තිබේ.