ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීම අද (31) පස්වරුවේ සිට ආරම්භ කරන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරයි. ගෘහස්ථ ගෑස් සිලින්ඩර 50,000ක් බෙදා හැරීම අද සිට ක්‍රියාත්මක වන බව සමාගම කියයි.
මෙම ගෑස් සිලින්ඩර පනස් දහස මුදාහරින්නේ ලක්ෂ 30කට ආසන්න හිස් ගෑස් සිලින්ඩර සහිතව ගෑස් අපේක්ෂාවෙන් පසුවන වෙළෙඳපලක් වෙතය.
මෙසේ බෙදාහරින ගෑස් සිලින්ඩර අරත කිලෝග්‍රෑම් 12.5, කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩර ඇතුළත් වන බව ලිට්‍රෝ සමාගම කියයි.
Litro Gas Lanka හි නිල වෙබ් අඩවියෙන් දැන් ලබා ගත හැකි යාවත්කාලීන තොග සමඟින් පාරිභෝගිකයින්ට අලෙවි නියෝජිත ලැයිස්තුවේ තොරතුරු ලබා ගත හැකිය.
සමාගම විසින් ගෑස් සිලින්ඩර බෙදා හැරීම යළි මැයි 24 සිට අද දක්වා අත්හිටුවා තිබුණි. ඒ, LP ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් යාත්‍රාවක් පැමිණීම ප්‍රමාද වීම හේතුවෙනි.