අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දුම්කොළ සල්ලිවලින් හීලෑ කළ දුම්වැටි බද්ද ලඟ නව අගමැති කුමක් කරනු ඇති ද?…

by editor
මැයි 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දුම්කොළ භාවිතය නිසා ඇතිවන සෞඛ්‍ය, ආර්ථික, සමාජීය සහ පාරිසරික බපලෑම පිළිබද  ජනතාව දැනුවත් කිරීමටත් එම අහිතකර බලපෑම්වලට රජයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ට බලපෑමක් ඇති කිරීම  සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වාර්ෂිකව මැයි 31 වන දින ලෝක දුම්කොළ නිවාරණ දිනය සමරනු ලැබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2022 ලෝක දුම්කොළ නිවාරණ දිනය“දුම්කොළ: අපගේ පරිසරයට තර්ජනයක්” යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇත. දුම්කොළ වගාව, නිෂ්පාදනය, බෙදා හැරීම සහ අපද්‍රව්‍ය සම්බන්ධයෙන් වන පාරිසරික බලපෑම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙම තේමාවේ අරමුණයි.

දුම්කොළ කර්මාන්තය සෑම අතකින්ම හානිකර වුවද, දුම්කොළ කර්මාන්තය පරිසර හිතකාමී කර්මාන්තයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, දුම්කොළ නිසා ලොව පුරා සෑම වසරකම මිලියන 8 ක් පමණ මිනිසුන් මිය යති.  දිනකට ශ්‍රී ලංකකයෝ  50කට ආසන්න ප්‍රමාණයක්   ආකලයේ මරණයට පත් වෙති.

දුම්කොළ භාවිතය මාරාන්තික වනවා සේම රටක් තුළ විශාල සෞඛ්‍ය ගැටලු ප්‍රමාණයක් ඇති කරයි.     දුම්කොළ වාතය, ජලය සහ භූමිය දූෂණයට ලක්කරමින් පරිසරයටද වැඩි හානියක් සිදු කරයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

  • පරිසර හානිය 

මෙගාටොන් 84ක කාබන්ඩයොක්සයිඩ් සමාන වාර්ෂික හරිතාගාර වායු දායකත්වයක් සහිතව, දුම්කොළ කර්මාන්තය දේශගුණික විපර්යාස සඳහා දායක වන අතර දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව අඩු කරයි, සම්පත් නාස්ති කිරීම සහ පරිසර පද්ධතිවලට හානි කරයි.

2020 වර්ෂයේදී දුම්වැටි මිලියන 2,300ක් භාවිතා කර ඇති අතර පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව තුළ දුම්වැටි මිලියන 35,000කට වැඩි ප්‍රමාණයක් භාවිත කර ඇත. මෙම සෑම සිගරට්ටුවකම  ෆිල්ටරය පරිසරයට මුදා හැරීම නිසා පරිසරයට අතිදැවැන්ත හානියක් සිදු කර ඇත.  සිගරට් ෆිල්ටරය, ආහාර දවටනවලට පසු ලෝකයේ පරිසරයට මුදාහැරෙන  දෙවන වැඩිම අපද්‍රව්‍යය ය. සිගරට් ෆිල්ටර විෂ රසායනික ද්‍රව්‍ය කිහිපයක් සහ බැර ලෝහ   පරිසරයට එකතු කරනු ලබයි. මේ හේතුවෙන් වාතය, ගොඩබිම සහ ජලය දූෂණය විමට බලපානු ලබයි.

දුම්කොළ වගාව දැඩි පාංශු ඛාදනය සහ ජල සම්පත් ක්ෂය වීම හේතුවෙන් වගාබිම්වල ඵලදායිතාවයේ අඩුවීමක් ඇති කරයි. අනෙකුත් භෝග හා සසඳන විට දුම්කොළවල පාංශු ඛාදනය ඉහළම අගයක් ගනී. දුම්කොළ වගාව සදහා අධික රසායනික යෙදීම නිසා පරිසර දූෂණයට ලක්වන අතර, දුම්කොළ මගින් පසේ ඇති පෝෂ්‍ය පදාර්ථ වේගයෙන් ලබා ගැනීම නිසා පාංශු පෝෂක ක්ෂය වේ. එබැවින්, දුම්කොළ වගාව පසෙහි සාරවත් බව අඩුවීමට සෘජුවම බලපාන අතර, අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර භෝග වගා කිරීමට ඇති භූමිය අඩුවේ.

  • දුම්වැටි භාවිතය අඩු වීම –

ප්‍රජා මට්ටමින් ක්‍රියාත්මක වීම, විවිධ වෘත්තිකයන් සමාජ ක්‍රියා ක්‍රියාකාරීන් සහ නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම තුළින් අප රටේ සිගරට් භාවිතය අවම කිරිමේ වැඩ සටහන සාර්ථකත්වය නිසා දුම්වැටි භාවිතයේ අඩු වීමක් දක්නට ලැබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA), සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන එක්ව සිදුකරනු ලැබූ Global Adult Tobacco Survey (GAT Survey) මගින් දුම්පානය 9.1% දක්වා අඩු වී ඇත. ශ්‍රී ලංකාව දුම්වැටි භාවිතයෙ අවම වෙමින් යන ප්‍රමුඛ රාජ්‍යයක් බවට පත් වී ඇත.

සිගරට් භාවිතය අවම වෙමින් යන ප්‍රවණතාවයක පැවතියත් අප තවමත් දුම්වැටි සඳහා දිනකට රුපියල් මිලියන 40 ක් වැය කරයි.  එය රටේ ආර්ථිකයට විශාල බරක් බවට පත්ව ඇත. අප රට තුළ දුම්වැටි අලෙවිය කරනු ලබන්නේ, ලංකා දුම්වකාළ සමාගම (CTC) නමින්  පෙනී සිටින කොටස් අයිතියෙන් 84% බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමට (BAT) අයත් බහුජාතික සමාගමක් මගිනි. එනම් මෙම දිනපතා සිගරට් සදහා වියදම් කරන මිලියන 40ක මුදලේ ලාභයෙන් 84%ක් සතුවන්නේ බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමටය.

ශ්‍රී ලංකාව මේ වන විට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින්, රාජ්‍ය මූල්‍ය අංශයේ ගැටලු විසඳීම සඳහා රජයට තීරණාත්මක ප්‍රතිපත්තිමය විසඳුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුව තිබේ.

පසුගිය වසර 10 තුළ සිගරට් නිෂ්පාදනය 45% කින් අඩු වී ඇති නමුත් ලංකා දුම්කොළ සමාගම (CTC) උපයා ඇති ලාභය 121% කින් වැඩි වී ඇත. එය පහත වගුවෙන් මනාව විද්‍යමාන වේ.

  • රටට අහිමිවන බදු 

නිෂ්පාදන මට්ටම අඩු වූ විට අනෙකුත් බොහෝ කර්මාන්ත අලාභයකට මුහුණ දෙන නමුත් දුම්කොළ සමාගමේ ලාභය දිනෙන් දින ඉතා වේගයෙන් ඉහළ යයි.  දුම්වැටි සම්බන්ධයෙන් තවමත් අප විද්‍යාත්මක බදු ප්‍රතිපත්තියක් අනුගමන නොකරන බැවින් රජයට හිමිවිය යුතුව තිබූ විශාල බදු මුදල් ප්‍රමාණයක් දුම්කොළ සමාගමේ ලාභ බවට පත්වීම මෙම තත්තවයට හේතුවී ඇත.

එමෙන්ම අධික උද්ධමනය හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල විශාල ලෙස ඉතා ඉහළ ගොස් ඇති අවධියක දුම්වැටි මිලෙහි පවතින ස්භාවය පුදුම සහගතය. 2021, 2022 වසරවල් සංසන්දනය කිරිමේදී සහල් මිල 109%කින්  තිරිගු පිටි 204 %,  පරිප්පු මිල 201% , ඩීසල් 230% සහ පෙට්‍රල්  250% වැඩි වී ඇති නමුත් සිගරට් මිල වැඩි වී ඇත්තේ 8% කින් පමණි.  මද්‍යසාර මිල වැඩි වී ඇත්තේ 23%කින්  පමණි.

දුම්කොළ සහ මද්‍යසාර බදු ඉහළ දමා එමගින් ලබා ගන්නා ආර්ථික වාසිය අතවශ්‍ය භාණ්ඩවලට සහනාධාරයක් ලබා දීමට රජයට හැකියාවක් පවතින නමුත් තවමත් ඒ සඳහා   ක්‍රියාත්මක වීමක් මුදල් අමාත්‍යංශය  හෝ  මුදල් ඇමතිතුමා කටයුතු නොකිරීම පුදම සහගත කණගාටු දායක තත්වයකි.

2021 සැප්තැම්බර් මාසයේදී මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) විසින් කරන ලද සමීක්ෂණයක දී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 89.3% ක් රජයේ ආදායම වැඩිදියුණු කිරීම සඳහා දුම්කොළ බදු වැඩි කිරීමේ පියවරකට සහාය දෙන බව සඳහන් කර ඇත.

ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රයේ (IPS) අධ්‍යනයකට අනුව රුපියල් විස්සකින් සිගරැට් මිල වැඩි කිරීමෙන්   රජයට රුපියල් බිලියන 5 ක අමතර බදු ආදායමක් උපයා ගත හැක. රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේ වගකීම පැවරී ඇති රාජ්‍ය ආයතනය වන මුදල් අමාත්‍යාංශය නිසි බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් රජයට ලැබෙන ආදායම ඉහළ නැංවීමට කටයුතු කළ යුතුය. අවාසනාවකට මෙන්, පසුගිය වසර කිහිපය තුළ ක්‍රියාත්මක වූ උපාය මාර්ග දුම්කොළ සමාගමට වාසිදායක වූයේය. එමඟින් රටට විශාල බදු ආදායමක් අහිමි විය. දුම්කොළ සමාගම මෙම මුදල ලාභයක් ලෙස රැස් කර ගත් බව නිරීක්ෂණය විය.

  • රටේ පාලකයින්ගේ වගකීම

දුම්වැටිවල  බදු වැඩිවීම නිසා දුම්වැටිවල මිල වැඩි වන අතර එමඟින් පාරිභෝගිකයින්ට එය ලබා ගැනීමේ පහසුව අඩු වී භාවිතයද අවම කර ගත හැක. මෙමගින් දුම්පානය සහ එහි අහිතකර සෞඛ්ය ප්‍රතිවිපාක අඩු කිරීම සඳහා බෙහෙවින් ඵලදායී වේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය දැඩි ලෙස බර පටවා ඇති අවස්ථාවක, දුම්වැටි බදු වැඩිකිරීම හරහා මිල වැඩි කිරීම මගින් දුම්කොළ පරිභෝජනය අඩු කිරීම, දුම්කොළ නිසා ඇතිවන රෝග අවම කිරීම සහ සෞඛ්‍ය පද්ධතියට එල්ල වන පීඩනය ලිහිල් කරනු ඇත. එබැවින් ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක ක්‍රියාත්මක කළ යුතු හොඳම උපාය මාර්ගය වන්නේ දුම්වැටි සඳහා බදු වැඩි කර රජයට උපරිම ආදායමක් ලබා ගැනීමයි.

අභිනව අග්‍රාමාත්‍යවරයා ඇතුළු වගකිවයුතු පුද්ගලයන් රජයට ආදායමක් ගෙන ඒම සඳහා විකල්ප ක්‍රියාමාර්ග සකස් කිරීමට උත්සාහ දරමින් සිටින අතරම, රටට සැලකිය ආදායමක් ගෙන දෙන දුම්කොළ නිෂ්පාදන සඳහා විධිමත් බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට අපි යෝජනා කරන්නෙමු.

පසුගිය වසරවල්වල මෙම තත්වය නිවැරදි කිරීමට ගත්තා වු විවිධ ධනාත්මක උත්සාහයන් මුදල් අමාත්‍යංශය හරහා ක්‍රියාත්මකවූ විවිධ බලවේග නිසා ක්‍රියාත්මක නොවනු තත්වයක් දැකගත හැකිවිය. මෙම මාෆියාව පරාජය කරමින්, අභිනව අග්‍රාමාත්‍ය සහ මුදල් අමත්‍ය රනිල් වික්‍රමසිංහ මහාතාත් මුදල් අමාත්‍යශයේ  ලේකම් මහින්ද සිරිවර්ධන මහාතා සහ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ මැදිහත්වීමෙන් මේ රටට අවාසි දුම්කොළ බදු ප්‍රතිපත්තිය වහාම නිවැරදී කිරීමට කටයුතු කරනු ඇතැයි අප බලාපෙරොත්තු වෙමු.  එමගින් පවතින ආර්ථික අර්බුදයට සතුටුදායක විසඳුමක් ලබා දීමට හැකි වෙතයි අප විශ්වාස කරන්නෙමු.

පුබුදු සුමනසේකර,  විධායක අධ්‍යක්ෂ

මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) – 0716 823 998

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිලියන ගණක ගෑස් සිලින්ඩර හිඟයක්… සිලින්ඩර පනස් දහසක් බෙදීම අද පස්වරුවේ සිට ඇරඹෙයි…

Next Post

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.