සමාජ මාධ්‍ය අවහිර කිරීමට විරෝධය පලකරමින් අද මිරිහානේ ගෝඨාභය නිවස ආසන්නයේ අධි බලැති විදුලි කණුවකට නැග විරෝධය පල කළ පුද්ගලයෙක් විදුලි සැර වැදී මියගොස් ඇත.
මේ පුද්ගලයා සිය විරෝධය පලකිරීම සඳහා මිරිහාන එදිරිසිංහ මාවතේ පිහිටි අධිබලැති විදුලි කණුවකට නැගී විරෝධය පල කිරීමට සැරසෙත්ම විදුලි සැර වැදී එතැනම මියගොස් ඇත.
මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී ඇත්තේ මිරිහාන එදිරිසිංහ මාවතේ පදිංචි බොපේ රුවන් එදිරිසිංහ නැමැති පනස් තුන් හැවිරිදි දෙදරු පියෙකි.
මේ වනවිට මළ සිරුර කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇත.