අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

“වීරයා මළා… “ “චාටඩ් ෆ්ලයිට්වල“ ඇවිත් වීරයෙක් රජ කළ මිනිස්සු ලෝකයට කී කතාව…

by editor
අප්‍රේල් 3, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

මේ ඔස්ට්‍රෙලියාවේ  වෙසෙන ශ්‍රී ලංකාවේ මිනිස්සුය.  තමන්ගේ මුදලින් ගුවන් යානා වෙන්කරගෙන ලංකාවට පැමිණ තමන්ගේ වීරයා රජ කරවූ මිනිස්සුය. ඒ මිනිස්සු අද “මේ හොදටම ඇති“ කියන්නට මහ මගට බැස සිටියහ.  මෙය කිසිම ජන සමාජයක සිදුනොවිය යුතු ඛේදවාචකයකි.

සෑම මනුෂ්‍යයෙක් තුළම  ස්වකීය ජාතිය ගැන අභිමානයක් තිබේ.  ප්‍රාර්ථනාවක් තිබේ. සිහිනයක් තිබේ.

2019 වනවිට     රට තිබුණේ විකාර රූපී ස්වරූපයෙනි. රාජපක්ෂ බල තන්හාවේ විකෘතිය  වෙනුවට  මිනිසුන් යහපාලන ආණ්ඩුව පත් කරගත්තේ දියුණු සමාජයක් සඳහා වූ බහුජන තේරීමක් ලෙසය. එහෙත් ඒ ජනතා ප්‍රාර්ථනා රනිල් සහ සිරිසේන අශිෂ්ඨ ලෙස විනාශ කර දැම්මේය.    ඉන්න රටක් සහ විකටයෙක් නොවන ජනාධිපතිවරයේ සම්බන්ධව මිනිස්සු කල්පනා කළහ. දිල්ත් ජයවීරගේ දෙරණට පෙර  ඒ කල්පනාවේ මූල බීජය වැපිරුවේ   සිරිසේනය. ධුර කාලය අවසන් වනවිට ඔහුගෙන් රටට ප්‍රකට වූයේ ගම්වල අපට කොතෙකුත් හමුවන    වෛරයෙන් දැවි දැවී, පිරිහෙමින් ඉන්නා බේබදු කසඩ මිනිසෙකුගේ විකෘතියය.

යහපාලන ආණ්ඩු ධුර කාලය නිමා වීමටත් පෙර මැතිවරණය එළඹිනි.  නිර්දේශපාලනික නායකයා සම්බන්ධ අදහස බිහි වන්නේ දේශපාලන සභාග පිළිබඳ  මේ සමාජ වටපිටාවේ  ගොඩනැගිය හැකි හොඳම යථාර්ථය රනිල් සහ සිරිසේන විසින් කුඩු කර දැමීමෙන් පසුය.    රට වෙනුවෙන් දකින තමන්ගේ    සිහිනය දේශපාලනික ගැඹුරකින් තොරව සැබෑ කරගැනීමට මිනිස්සු කල්පනා කළහ. ඒ  සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයෝ ගුවන් යානා වෙන් කරගෙන ශ්‍රී ලංකාවට පැමිණියහ.    රටම මහා ප්‍රබෝධයකින් ඇලලී තිබිණි.  සෑම තලයකම ජීවත් වූ ලක්ෂ හැට නවයක්ගේ කැමැත්ත ඉතිහාසය සාධනීය ලෙස වෙනස් කරනු ඇතැයි මිනිස්සු කල්පනා කළහ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඒ ජයග්‍රහණයේ ප්‍රහර්ෂය ඊයේ උදේ සිදුවූවාක් සේ මතකය. හන්දියක් ගානේ කිරිබත් ඉදිනි. රබන් සුරල් වැයිනි. තමන්ගේ දුවා දරුවන්ගේ මංගල්‍යය සමරන්නා සේ වියපත් මව්වරු පියවරු සතුටු වූහ.  තරුණයෝ බිත්ති පාට කළහ. පුරන් කුඹුරු අස්වැද්දූහ.

අවුරුදු දෙක හමාරක් ගිය තැන  දරුවෙකුට කිරි පොදක් සදහා පෝලිමේ ඉන්න, හාල් කිලෝවක් සඳහා පෝලිමේ ඉන්න. ගෑස්ටික ඩීසල් ටික වෙනුවෙන් පොලිමේ ඉන්න  බඩසයින් පීඩිත මිනිස්සුන්ගේ බිඳ වැටෙන සිහින මුරගාමින් ඇත.

මේ මොහොත  පීඩාව දරාගත නොහැකි මිනිස්සුන්ට කුසගින්න වෙනුවෙන් පොලිමක සිටීමේ අවකාශය ද අහිමි කර     ලිඛිත අවසරයක් නැතිව මහ මගට බැසිය නොහැකි සේ ඇඳිරි නීතිය තර කර තිබේ.  සියලුම සමාජ මාධ්‍ය ජලා අවහිර කර තිබේ. ගෝටා ගෝ හෝම් කී තරුණයා රාජ්‍ය විරෝධී අපරාධකරුවෙක් කරන්නට දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය යටතේ උසාවියට ඉදිරිපත් කෙරිනි.  මිරිහානේ උද්ඝෝෂණය කළ තරුණයින් ඇප නැතිව හිරේ යවන්නට පොදු දේපල පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කෙරිනි. මිරිහානේ  පිරිස දින තුනක් හෝ බන්ධනාගාරගත කරන සේ ඉල්ලීමට නීතිපති නුගේගොඩ පැමිණි බව කීවේ නීතිඥවරුය.

දැන් රටේ ක්‍රියාත්මක වන්නේ හදිසි තත්වයකි.  මහ මටග බට මිනිස්සුන් දහස් ගණනක්  මේ වනවිට පොලිස් අත්අඩංගුවේය. වීරයෙක් කියා තමන් ඔටුනු පළඳවා ඇත්තේ මුග්ධ විකටයෙකුට  බව තේරුම් ගන්නාවිට මිනිස්සුන්ට බොහෝ දේ අහිමි වී ඇත.

යළිත්  මේ ඡායාරූප පෙළ බලන්න. මේ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික මිනිස්සුය.   “චාටඩ් ෆ්ලයිට්වලින්“ ලංකාවට පැමිණ වීරයා රජ කරවපු මිනිස්සුය.

මේ මිනිස්සුන්ගේ වීරයා මිය ගොස් ඇති බව අද ඔවුහු  ඉන්න  තැන්වලින් පාරට බැස කියති. එහෙත්  ඒ බව කියන්නට සූදානම් වූ   මේ රටේ සෑම මිනිහෙක්ම  අද නිවෙස් තුළ සිර කර ඇත.

මේ තියුණු දෙදරායෑම යළි පිරිද්දිය හැකියැයි විශ්වාස නොකරමු.     මිනිස්සුන්ගේ සිහින මරා දැමිම මිනී මැරීමටකටත් වඩා    බිහිසුණු අපරාධයකි.

රටේ සිහින මරා දමා ඇත. ඒ වෙනුවෙන්  අප හැමෝම ගෙවිය යුතු වන්දියේ තරම ගැන කිසිවෙකුට වැටහීමක් නැත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහරගම උද්ඝෝෂණයට විශාල ජනතාවක්…

Next Post

මිරිහානේ ජනාධිපති නිවස ආසන්නයේ විරෝධතාවය දක්වන්නට ගිය අයෙක් විදුලි සැර වැදී මිය යයි…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.