සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිය ගිය ෂාෆ්ටර්ගේ බිරිඳ නොකී දේවලුත් මනෝ වෛද්‍යවරයා අධිකරණයට කියලා !

දිනේෂ් ෂාෆ්ටර් බිරිඳගෙන් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් !

by Lanka Sara Editor
අප්‍රේල් 5, 2023
in පුවත්
Dinesh-shafter
Share on FacebookShare on Twitter

සිරන්ජනි කුමාරි –

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේශ් ෂාෆ්ටර්   සම්බන්ධයෙන් තමන් නොකියූ කරුණු විශේඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු  විසින් අධිකරණයට දැනුම් දී ඇතැයි ෂාෆ්ටර් ගේ  බිරිය දිවුරුම් ප්‍රකාශයක් මඟින් ඊයේ (04) අධිකරණයට කරුණු දැන්විය.

නඩුව ඊයේ (04) යළි කැදවු අවස්ථාවේදී මරණකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න   විසින් මේ බව දැනුම් දෙමින් දිවුරුම් ප්‍රකාශයක්  මගින් අධිකරණය වෙත ඉදිරිපත් ක‍ෙළ්ය.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක දිනේශ් ෂාෆ්ටර්   ගේ දෙඅත් බැඳ තිබූ සිප් ටයි පටියේ දත් පහරවල් ඇති බවට මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වා සිටිය ද එකී සිප් පටියේ කපා දමන විට ඇති වූ කඩතොළු සහිත කැලැල් තිබූ බවට රජයේ රස පරීක්ෂකවරයා විසින් සිය වාර්තාවේ සඳහන් කර ඇතැයි මරණකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න   වැඩිදුරටත් සඳහන් කරමින් එකී වාර්තාව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය  වෙත ඉදිරිපත් කළේය.

අදාළ සිද්ධිය විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට යොමු කිරීමෙන් අනතුරුව මෙම රස පරීක්ෂක වාර්තාව ලැබී ඇති බව සඳහන් කළ නීතිඥවරයා අදාළ වාර්තාව ද මෙම වෛද්‍ය මණ්ඩලය වෙත යොමු කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

වෛද්‍ය මණ්ඩලය වෙත පැවරීමෙන් අනතුරුව දිනේශ් ෂාෆ්ටර් ගේ මරණයට අදාළව අධිකරණය වෙත ලැබුණු ඩී. එන්. ඒ. වාර්තා, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා, සොකෝ නිලධාරි ඡායාරූප, ඇඳ හිස් පත් වාර්තා, මානසික වෛද්‍ය වාර්තා ඇතුළු අධිකරණය භාරයේ තිබෙන සියලු ලේඛන රේජිස්ට්‍රාර්වරයා හරහා මෙම කමිටුව වෙත භාර දීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කමිටුව විසින් සති අටක කාලයක් විමර්ශනය සඳහා ඉල්ලා ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කරන ලද වැඩිදුර වාර්තාව ද එම කමිටුව වෙත ඉදිරිපත් කිරීමට මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික වෛද්‍ය පිඨයේ විශේෂඥ වෛද්‍ය අසේල මෙන්ඩිස්, රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩී. සී. ආර්. පෙරේරා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෝහාරික විශේෂඥ මහාචාර්ය ඩී.එච්.එච්. ප්‍රනාන්දු, නුවර පේරාදෙණිය ජ්‍යෙෂ්ඨ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි එස්. ශිවසුබ්‍රමනියම් හා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරි ජී. ආර්. රුවන්පුර යන පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය වෙත මෙම වාර්තා  ලබා දීමට අධිකරණය මඟින් නියෝග කෙරිණ.

මෙම කමිටුවේ සභාපතිත්වය ප්‍රධාන වෝහාරික විශේෂඥ වෛද්‍ය නිලධාරි අසේල මෙන්ඩිස් නම් කළ මහේස්ත්‍රාත්වරිය දැනට ලේඛනගත පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව, ජාතික රෝහලේ ඇඳ හිස පත් වාර්තා අනුව තීරණය කුමක්ද? මරණයට හේතුව කුමක් ද? යන්නට පිළිතුරු ලබා දෙන ලෙසට කමිටුව වෙත නියෝග කර ඇත.

දැනට ලේඛනගත පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ ජාතික රෝහලේ ඇඳ හිස පත් වාර්තා අනුව මරණය තීරණය කළ නොහැකි නම් ඊට අදාළව නිගමනය කරන ක්‍රමවේදය නම් කරන ලෙසට ද නියෝග නිකුත් කර තිබිණ.

වෙනත් මත දරන්නේ නම් පශ්චාත් මරණ වාර්තාව, රජයේ රස පරීක්ෂක වාර්තා, ජාතික රොහල් අධ්‍යක්ෂකගේ ඇඳ හිස පත් වාර්තා, අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වාර්තා, පශ්චාත් මරණ පරීක්ෂණයට පෙර සහ අතරතුර සියලු ඡායාරූප, සොකෝ ඡායාරූප, ඒවා නිකුත් කරන ලද නිලධාරීන් කමිටුවට කැඳවීමට බලය පවරන බවත් අවශ්‍ය පැහැදිලි කිරිම් සහ උපදෙස් ලබා ගැනීමට නියෝග අධිකරණය හරහා අවශ්‍ය නම් ඒ සඳහා ද අවසර ලබා දෙන බවට මහේස්ත්‍රාත්වරිය සඳහන් කර ඇත.

දිනමිණ  –

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිටපු හමුදා සෙබලෙකු ලඟ තිබී ටී 56 ගිනි අවියක් සොයා ගනී….

Next Post

ඕවර 19න් ශ්‍රි ලංකා කණ්ඩායමේ සියලු දෙනා දැවෙයි… ලකුණු 141යි..

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.