අද (11) එස්.ටී.එෆ් වෙඩි පහරින් මිය ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව සැක කරන දුලාන් සමීර සම්පත් නොහොත් අබ්බාගේ ගෝලයින් 07 දෙනෙක් ලබන 23 දා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
අබ්බා අත්අංගුවට ගැනීමේ දී වෙඩි හුවමාරුව සිදුවූ ස්ථානයේ සිට මෙම පුද්ගලයින් හත් දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මෙහි දී එස්.ටී.එෆ් වෙඩි පහරින් ඝාතනය වූ 27 හැවිරිදි මරණකරු පානදුර පුදේශයේ ප්‍රබල මත්දුව්‍ය ජාවාරම්කරුවකු වන කුඩු සළිඳුගේ සමීප සගයෙක් බව වාර්තා වේ.









